ට්‍රම්ප් ඝාතන කුමන්ත්‍රණයේ ප්‍රධානී ෂකේරිට ශ්‍රී ලංකාව තුළ විශාල අපරාධයක් සිදුකිරීමට උපදෙස් ලැබිලා

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමේ ඉරානයේ අසාර්ථක කුමන්ත්‍රණය පිටුපස සිටින ෆර්හාඩ් ෂකේරි නැමැති ඇෆ්ගන් ජාතිකයාට එරෙහිව එක්සත් ජනපද මෑන්හැටන් ෆෙඩරල් අධිකරණය මඟින් අධි චෝදනා ගොනුකර තිබෙනවා.

මංකොල්ලකෑම් සම්බන්ධයෙන් සිරදඬුවම් විඳීමෙන් පසු 2008 වසරේ දී එක්සත් ජනපදයෙන් පිටුවහල් කරන ලද 51 හැවිරිදි ෆර්හාඩ් ෂකේරි ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) වෙනුවෙන් කුලියට මිනීමැරීම් සහ කුමන්ත්‍රණය සැලසුම් කළ බවට චෝදනා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

2008 වසරේ දී එක්සත් ජනපදයෙන් පිටුවහල් කළ මෙම භයානක අපරාධකරු මේ වනවිට ඉරානයේ නිදහසේ ජීවත්වන බවයි විදෙස් වාර්තා අනාවරණය කර ඇත්තේ.

මෑන්හැටන් ෆෙඩරල් උසාවියේ ගොනු කරන ලද අපරාධ පැමිණිල්ලකට අනුව, 2024 සැප්තැම්බර් මාසයේ දී, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස කටයුතු කරන අවධියේ ඔහුව නිරීක්ෂණය කිරීමට සහ අවසානයේ ඔහුව ඝාතනය කිරීමට ඉරාන විසින් ෂකේරිට කොන්ත්‍රාත්තුව ලබා දී ඇති බවයි පවසන්නේ.

ෆර්හාඩ් ෂකේරිට ගොනුකර ඇති අධි චෝදනා පත්‍රයේ දක්වා ඇති පරිදි 2019 වසරේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 92ක් සමඟ ශ්‍රී ලංකාවේ දී අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු බන්ධනාගාර ගතව සිටි අයෙක්.

ෂකේරි කියා සිටියේ ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් නියම කරන ලද කාල රාමුව තුළ ට්‍රම්ප් මරා දැමීමේ සැලැස්මක් යෝජනා කිරීමට තමා අදහස් නොකළ බවයි.

මේ අතර නිව් යෝර්ක් හි සිටින යුදෙව් ඇමරිකානු පුරවැසියන් දෙදෙනෙකු ගැන විමසිල්ලෙන් සිටීමට ෂකේරිට පැවරී ඇති අතර එක් ඉලක්කයක් ඝාතනය කිරීම සඳහා ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය නිලධාරියෙකු විසින් ඩොලර් 500,000 පිරිනමා ඇති බවට ද වාර්තා වනවා.

ඊට අමතරව, ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල සංචාරකයින් ඉලක්ක කර ගන්නා ලෙස ඔහුට උපදෙස් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.

  1. ලංකාවේ මත්ද්‍රව්‍ය වෙලදාමේ සිටින්නේ මේ අන්තවාදී ත්‍රස්තවාදීන්ය හා ලංකාවේ දේශපාලනය හා රාජ්‍ය යාන්ත්‍රණයට රිංගා ඇති isis පාස්කු බෝම්බ ත්‍රස්තවාදීන්ය. පසුව ගම්වල සිටිනා කොල්ලන්ට හරක් කටා… පුස් කටා …කියා විවිධ නම් පටබැඳීම කර සිංහල තරුණ පරපුර විනාශ කර ඇත. සිංහල හා දමිල ජනතාව මෙය තේරුම් ගැනීමට සිංහල හා දමිල ජනතාව එලිපිටම සංහාරය කල පාස්කු බෝම්බයට ඊශ්‍රායලය ඇමරිකාව හා ඉන්දියාව පුමුඛ ජාත්‍යන්තර පරීක්ෂණකට යාමට කටයුතු කල යුතුව ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03