AFC Banner
Empty Ad
Empty Ad

බීඩි කොළ තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අල්ලයි

කැබ් රථයකින් බීඩි කොළ කිලෝ ග්‍රෑම් 400 ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පුත්තලම පොලීසියේ නිලධාරීන් සමත්වී තිබෙනවා.

11 වැනිදා දහවල් පුත්තලම – පාලාවියේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර පොලිස් බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබෙනවා.

බීඩි කොළ තොගය සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම – නාගවිල්ලුව,කල්පිටිය – මාම්පූරිය පදිංචිකරුවන් දෙදෙනෙකුයි.

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට ගෙනවිත් කල්පිටිය හෝ ඊට ආසන්න ස්ථානයක මෙම බීඩි කොළ තොගය සඟවා තබා තිබී ඇති බවත් බීඩි කොළ තොගය පෙට්ටි වල අසුරා තිබී පොලිස් බාරයට ගෙන ඇති බවත් වාර්තා වෙයි.

සැකකරුවන් දෙදෙනා,බීඩි කොළ තොගය සහ කැබ් රථය පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?