AFC Banner
Empty Ad
Empty Ad

බිත්තර මිල අඩු වුනත් බේකරි කෑමවල මිලේ වෙනසක් නැහැ

බිත්තර මිල අඩු වුවත් බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමක් සිදුකළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසනවා.

කෙසේ වෙතත් එම සංගමයේ සභාපතිවරයාගෙන් අප වැඩිදුරටත් විමසීමේ දී ඔහු සඳහන් කළේ; කේක් ඇතුළු බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට හැකියාවක් ඇත්නම් අඩුකරන ලෙස සංගමයක් ලෙස බේකරි හිමියන්ට දැනුම් දී ඇති බවයි.

සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට නම් තිරිඟු පිටි මිල අඩුවිය යුතු බවයි.

එසේ නොමැතිව බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට හැකියාවක් නොමැති බව ඔහු කියා සිටියා.

මේ අතර බිත්තර මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට ලබාදීමේ අරමුණින් හෝටල්වල ආහාර පනවල මිල ගණන් අඩු කිරීමට ආපනශාලා හිමියන්ගේ සංගමය පියවර ගෙන තිබෙනවා.

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි මෙම මිල අඩු කිරීම් සිදුකරන බවයි ආපනශාලා හිමියන්ගේ සංගමය පැවසුවේ.

ඒ, අනුව බිත්තර කෑම එකක්, රයිස් සහ කොත්තුවක මිල රුපියල් 40 කින් අඩු කෙරෙන අතර, බිත්තර රෝල් සහ බිත්තර ආප්පයක් රුපියල් 20කින් පහත දැමීමට නියමිතයි.

බිත්තර රොටියක මිල ද රුපියල් 30 කින් පහත දමන බව එම සංගමය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?