ප්‍රමිතිගත අධ්‍යාපන ක්‍රමයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් පැවැත්වුණු සුප්‍රසිද්ධ ”ඉෂිකාවා සම්මානය” (ISHIKAWA Award) සිය මව්බිමට දිනාදීමට පසුගියදා කෑගල්ල ජෝසප් බාලිකා විද්‍යාලයේ සිසුවියන් පිරිසක් සමත් වුණා.
ඉෂිකාවා සම්මානය සාමාන්‍යයෙන් පිරිනැමෙන්නේ අධ්‍යාපනය, ක්‍රීඩා, සෞඛ්‍ය, සංස්කෘතික හෝ සමාජීය කාරණා සම්බන්ධයෙන් එකී පුද්ගල කණ්ඩායම්වල අරමුණු සාක්ෂාත් කරගනිමින් සාධනීය සහ ධනාත්මක බලපෑමක් ඇති කරලීමට සමත් න්‍යායයන් වෙනුවෙන්.
මෙවර මෙම තරගාවලිය ඉන්දියාවේ ලක්නව් නුවර දී පැවැත්වුණේ සතියක කාලයක් වැය කරමින්.
‘සිටි මොන්ටිසෝරි පාසල්’ පරිශ්‍රයේ දී පුරා දින පහකට ආසන්න කාලයක් මෙම තරගාවලිය පැවැත්වුණු අතර ඊට රටවල් 21ක් නියෝජනය කරමින් විදෙස් පාසල් තරගකරුවන් රැසක් එක්ව සිටියා.
කෑගල්ල ජෝසප් බාලිකාවියන් විසින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට දායක විය හැකි ධනාත්මක බලපෑමක් යෝජනා කළ යුතු අතර එය ඔවුන්ට ජයග්‍රහණය සඳහා මහෝපකාරී වූ බවයි වාර්තා වන්නේ.
ජෝසප්වරුන්ගේ අධ්‍යාපනික න්‍යායය ඕනෑම පාසල් පද්ධතියක ගැටලුවකට විසඳුම් සෙවීම සඳහා ISHIKAWA FISHBONE න්‍යායයට අනුව ප්‍රත්‍යෙයක අධ්‍යයනයක් (case study) වෙනුවෙන් දිනාගත් සම්මානයක් ලෙස හැඳින්විය හැකියි.
ISHIKAWA FISHBONE න්‍යායයට අනුව ප්‍රත්‍යෙයක අධ්‍යයනයක් (case study) සිදු කර එහි අනාවරණ සහ ගැටලුවට ධනාත්මක යෝජනා ඉදිරිපත් කරමින් සිදු කළ ඉදිරිපත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට ඉෂිකාවා සම්මානය දිනාදීමටයි කෑගල්ල ජෝසප් බාලිකාවියන්ට හැකියාව ලැබුණේ.
“Classrooms that spark joy; Tackling the unhapiness” යනුවෙන් නම් කර තිබූ ඔවුන්ගේ මාතෘකාවට අනුව පන්ති කාමරයේ “අසන්තෝෂයෙන් සිටින” සිසුවියන්ගේ සතුට, විනෝදය, තෘප්තිමත්භාවය සහ කාර්‍යක්ෂමතාව වර්ධනය කිරීමට සුදුසු ධනාත්මක විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීම මෙහිදී සිදු කෙරුණා.
මීට අමතර ව ශ්‍රී ලංකාවේ දේශීයත්වය මෙන් ම සංස්කෘතිය ජාත්‍යන්තරයට ගෙන යමින් සිදු කරන ලද වීදි නාට්‍යයට කුසලතා සම්මානය සහ එම ඉදිරිපත් කිරීම් හි දෙවැනි ස්ථානයත් සිය මව්බිමට දිනාදීමටයි කෑගල්ල ශාන්ත ජෝසප් විද්‍යාලයීය දියණිවරුන්ට හැකියාව ලැබුණේ.
මෙම ජයග්‍රහණය වෙනුවෙන් කෑගල්ල ජෝසප් බාලිකා විද්‍යාලයේ දරුවන් හට සිය විද්‍යාලයීය විදුහල්පතිනිය වන ගංගානි තිලකරත්න මහත්මිය ඇතුළු ආචාර්‍යය මණ්ඩලය, අනධ්‍යයන කාර්‍යය මණ්ඩලය සහ දෙමාපිය සහාය හිමි ව තිබෙනවා.


























Wish your all the best my dear daughters and Teachers St. Joseph convent.
Kegalle Joseph kiyanne mokakda? Kegalle Saantha Joseph Vidyalaya kiyanne kate pittuda? Iskoleka namawath harikata liyaganna beri mahaloku maadyavediyo.
All the best wishes dearest daughters who dared the softly dewils of rigour of good gold learning proper.