පිරමීඩ ජාවාරම වැළැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන වාර්තාවක් මාස 03න් දෙන්න – අධිකරණය

මෙරට තුළ නීති විරෝධී ආකාරයෙන් ක්‍රියාත්මක වන පිරමීඩ ජාවාරම් හේතුවෙන් බොහෝ පිරිසක් වින්දිතයන් බවට පත්ව ඇති බැවින් එම නීති විරෝධී ජාවාරම් වැළැක්වීමට අවශ්‍ය පියවර ගෙන ඊට අදාළ ප්‍රගති වාර්තාවක් මාස 3 ක කාලයක් ඇතුළත වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (18) මහ බැංකුවට නියෝග කළා.

එවැනි නීතිවිරෝධී පිරමීඩ ජාවාරම්වලට අදාළ නඩු විශාල සංඛ්‍යාවක් අධිකරණ වෙත ඉදිරිපත් වෙමින් පවතින බවද එවැනි ක්‍රියාවන් වැළැක්වීමට හා එම ජාවාරම් සඳහා ජනතාව පෙළඹවීම වැළැක්වීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම මහ බැංකුව සතු වගකීමක් බව ද මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

මේ වන විට සේවයෙහි යෙදී සිටින රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ සේවකයින් බොහෝ පිරිසක් මෙන්ම විශ්‍රාමිකයන් හා මෙරට තරුණ තරුණියන් බොහෝ පිරිසක් ද මෙම නීති විරෝධී ජාවාරම්වලට පෙළඹී වින්දිතයන් බවට පත්ව ඇති බවට අදාළ නඩු කටයුතුවල දී පෙනී යන බව ද මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලට අනුව එවැනි නීති විරෝධී ආකාරයෙන් ක්‍රියාත්මක වන පිරමීඩ ජාවාරම් 11 ක් පමණ හඳුනාගෙන ඇති බවත් එසේ හඳුනාගත් එවැනි ආයතන කීපයකට එරෙහිව මේ වන විට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී අධිකරණයට දැන්වූවා.

අධිකරණයට පැමිණ මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසට අධිකරණය පෙර නඩු වාරයේදී මහ බැංකුවට කර තිබුණු නියෝගයක් අනුව එහි ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂකවරයකු වන නිරෝෂන් මායාදුන්න මහතා අද අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු දැක්වූවා.

මෙම නීති විරෝධී ජාවාරම වැළැක්වීම සඳහා මහා බැංකුව මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳව මහේස්ත්‍රාත්වරයා මහ බැංකු ජ්‍යෙෂ්ඨ නිලධාරියාගෙන් විමසා සිටි අවස්ථාවේ ඊට පිළිතුරු ලබාදුන් එම නිලධාරියා කියා සිටියේ මහ බැංකු පනතේ 83 (ආ) 3 වගන්තිය යටතේ
හා මහා බැංකු 83 (ඇ) 7 වගන්තිය ප්‍රකාරව මීට අදාළ නීතිය බලාත්මක කිරීම සඳහා බැංකු නිලධාරීන්ට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් හා සහාය ලබාදෙන බවත් ය.

ඊට අමතරව මෙම නීතිවිරෝධී ජාවාරමට සම්බන්ධ නොවන ලෙසට ජනතාව දැනුවත් කිරීම සඳහා මාධ්‍ය මගින් විවිධ දැනුම්දීම් සිදු කරන බවට බැංකු නිලධාරියා කළ කරුණු දැක්වීම පිළිබඳව අවධානය යොමු කළ මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ මාධ්‍ය මගින් එවැනි දැනුවත් කිරීම් සිදුකරන බවට අධිකරණය හමුවේ ප්‍රකාශ කරන නමුත් එවැනි දැනුවත් කිරීම් පිළිබඳව තමන් දැක නොමැති බැවින් එම දැනුවත් කිරීම්වලට අදාළ පෝස්ටර්, දැන්වීම්, හෝ අත්පත්‍රිකා,අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා මහා බැංකු ජ්‍යේෂ්ඨ නිලධාරියා අධිකරණයට දැක්වූ කරුණු පිළිබඳ ව අවධානය යොමු කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ලබාදෙමින් වැඩිදුරටත් කියා සිටියේ මහා බැංකුව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව මෙම නීතිවිරෝධී ක්‍රියාව වැළැක්වීම හා ඒ සඳහා ජනතාව පෙළඹවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඒ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
00:00
Video thumbnail
යුද්ධයට අණදුන් හමුදාපතිවරු රණවිරු සැමරුමට ආ හැටි
01:44
Video thumbnail
විමල්ට මල් තියන්න නොදුන් රජය ත්‍රස්තවාදීන් සමරන්න දුන්නා..තවත් ප්‍රභා කෙනෙක් ජනිත වීම වළක්වන්න බෑ
06:56
Video thumbnail
චාමර සම්පත්ගේ කතාවෙන් ප්‍රසාද්ට හොඳටම හිනා
13:22
Video thumbnail
සුජීව නැගිටලා ආණ්ඩුවට සැරටම දෙසයි - "මට බනිනවා උඹට පාන්ද කියලා,අපිට නෙවෙයි පාන්"
08:23
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
01:04:28
Video thumbnail
නාමල්ව ම##න මට පුළුවන් - අර්චුනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
01:37
Video thumbnail
උසාවියට ආ චාමර සම්පත් කිව්ව දේ.."ඔයාගේ රස්සාව අපෙත් මේක රස්සාව තමයි..රණවිරු සැමරුමට අපිට කියලා නෑනේ"
01:27
Video thumbnail
අනුර විශ්‍රාමික ත්‍රස්තවාදියෙක් - රණවිරුවන්ට එරෙහිව ආයුධ අතට ගත්තා
01:42
Video thumbnail
නාමල් ආණ්ඩුවේ කට්ටියට කට උත්තර නැතිවෙන්නම දෙයි
09:04