හිටපු ජනපතිනියට බෝම්බ ප්‍රහාරය එල්ල වී 25 වසරයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සිටි ජනාධිපතිනියක වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉලක්ක කරගනිමින් එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයට අද දිනට (18) 25 වසරක් සපිරෙනවා.

මේ නිමිත්තෙන් හිටපු ජනාධිපතිනිය විසින් මහරගම ඉන්දිරා පිළිකා පදනම වෙත ආධාර පිරිනැමීම ද සිදු කෙරුණා.

බෝම්බය පිපිරූ අවස්ථාවේ දී හිටපු ජනාධිපතිනියගේ දකුණු ඇසට බරපතළ හානි සිදු වීමෙන් එය අදටත් අන්ධභාවයට පත් ව තිබෙනවා.

එම බෝම්බ ප්‍රහාරයෙන් හිටපු ජනාධිපතිනියට ආරක්ෂාව සැපයූ ආරක්ෂකයින් සයදෙනෙකුට ද ජීවිතය අහිමි වුණා.

මෙම විශේෂ පිංකම සඳහා අද දිනයේ දී එම ප්‍රහාරයෙන් මියගිය ආරක්ෂකයින්ගේ පවුල්වල සාමාජිකයින් ද එක් ව සිටියා.

තමාගේ ජීවිතය බේරාගැනීමට සිය ජීවිතය කැප කළ වීරෝදාර රණවිරුවන් සහ ආරක්ෂකයින් හට සිය ගෞරවය සහ උත්තමාචාරය සෑම විටම පිරිනමන බවයි මෙම විශේෂ අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපතිනිය පැවසුවේ.

තමන් මේ වනවිට දේශපාලනයෙන් මුළුමනින් ම විශ්‍රාම ගොස් ඇති බවත්; රටේ අනාගත දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් තම පදනම හරහා විශාල සේවාවක් කරමින් කටයුතු කරන බවත් හිටපු ජනාධිපතිනිය වැඩිදුරටත් සඳහන් කළා.

මෙම අවස්ථාවට හිටපු කතානායකවරයෙකු මෙන් ම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන කරු ජයසූරිය මහතා ද එක් ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25