වසේඩා සරසවියේ උපාධිධාරී ලැයිස්තුවේ නම හෙව්වත්; හමු නොවුණු කතානායකගේ නම (වීඩියෝ)

කතානායක අසෝක රන්වල තමන්ට ඇතැයි කියන ‘ආචාර්ය’ ධුරය සම්බන්ධයෙන් වන අර්බුදකාරී තත්ත්වය පිළිබඳ ව දෙසැම්බර් මස 17 වැනි දින විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වනවා.

එදින පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එහිදී එම අවස්ථාව අමතමින් මෙම විශේෂ ප්‍රකාශය නිකුත් කිරීමට නියමිත බවයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

කෙසේවෙතත් දිගින් දිගටම සමාජයේ කතානායකවරයාගේ ධුරය සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් සිටින පසුබිමක දී අසෝක රන්වල මහතා දක්වන්නේ තවත් නිහඬ ප්‍රතිපත්තියක්.

ඔහු ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කිරීමේ දී පවා තමන් ආචාර්‍යයවරයෙකු බවත්; ජපානයේ වසේඩා විශ්වවිද්‍යාලයෙන් ආචාර්‍යය උපාධිය ලබාගෙන ඇති බව ද හෙතෙම ප්‍රකාශ කර තිබෙනවා.

නමුත් මෙවන් පසුබිමක් හමුවේ සමාජයෙන් දැඩි විවේචන එල්ල වන විට දී පාර්ලිමේන්තු මහලේකම් කාර්‍යාලය විසින් පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙන් කතානායකගේ නම ඉදිරියෙන් තිබූ ‘ආචාර්‍යය’ තනතුර ඉවත් කර ඇති අයුරු දක්නට ලැබෙනවා.

මේ අතර මේ සම්බන්ධයෙන් විපක්ෂ දේශපාලනඥයින් ද විවිධ වූ අදහස් පළ කරමින් කියා ඇත්තේ කතානායකවරයාට ආචාර්‍යය උපාධියක් නොමැත්තේ නම්; ඔහු අනිවාර්‍යයෙන් ම ධුරයෙන් ඉවත් වී ජනතාවගෙන් සමාව ගත යුතු බවයි.

එමෙන්ම ඊයේ (11) දිනයේ දී එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍යය ආශු මාරසිංහ මහතා ඩිජිටල් තිරයක් මත ගෙනහැර පාමින් වසේඩා විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලද පුද්ගලයින් කවුරුන් දැයි හඳුනාගත හැකි බව මාධ්‍යයට ඔප්පු කර තිබෙනවා.

වසේඩා විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවියට පිවිස ආචාර්‍යය උපාධිය ලැබූවන්ගේ නාමාවලියේ අසෝක රන්වල මහතාගේ නම සෙවීම් කළ ද ඒ නමින් වන පුද්ගලයෙකු එම සරසවියේ උපාධියක් හෝ ඉගෙනීමක් ලබාගෙන නොමැති බවයි දක්නට ලැබෙන්නේ.

එමෙන්ම ඉදිරි පාර්ලිමේන්තු දිනක දී විපක්ෂයේ මන්ත්‍රීවරුන් එක්ව කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට නියමිත බවත්; එසේ වුවහොත් මාලිමා ආණ්ඩු පක්ෂයේ සහාය ද සත්‍ය වෙනුවෙන් ලබාදෙනු ඇතැයි විශ්වාස කරන බව ද විපක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28