බාල ඖෂධ ගෙන්වීමේ නඩුවට සම්බන්ධ සැපයුම්කරුගේ වෛද්‍ය වාර්තාවක් දෙන්න – අධිකරණය

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සමාගම් සැපයුම්කරු වන සුදත් ජානක ප්‍රනාන්දු මහරගම අපේක්ෂා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකු වෙත පෙන්වා අධිකරණයට වාර්තාවක් ගොනු කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය අද (18) නියෝග කළා.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සැකකරු වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ පුරස්ථි ග්‍රන්ථ ආශ්‍රිත පිළිකා රෝග තත්ත්වයකින් පෙළෙන බවට නිර්දේශ කර ඊට අදාළ කටයුතු කරන වෛද්‍යවරුන් දෙදෙනෙකු වෙත පෙන්වන ලෙස ඇතත් මේ වන තෙක් අදාළ පියවර ගෙන නැති බව අධිකරණයට කළ දැනුම්දීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදු කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ඒ අනුව අදාළ පිළිකා පරීක්ෂණය කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළ අතර සැකකරු ලබන 2025 වසරේ ජනවාරි මස පළමුවැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.

සැකකරු අධිකරණයට ඉදිරිපත් නොකෙරුණු අතර ස්කයිප් තාක්ෂණය ඔස්සේ නඩු කටයුත්ත සඳහා ඉදිරිපත් වුණා.

අද නීතිපති දෙපාර්තමේන්තුව ද අධිකරණය හමුවේ පෙනී සිටි අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර වාර්තා අධිකරණයට ඉදිරිපත් කළා.

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු සෞෟඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල වික්‍රමනායක, සහකාර අධ්‍යක්ෂ දේව ශාන්ති සොලමන්, ගණකාධිකාරි (සැපයුම්) නෙරාන් ධනංජය සහ යන නිලධාරීන් ඇතුළු දසදෙනකු ඇප මත මුදා හැර සිටිනවා.

දසවන සැකකරුවකු විදේශගතව සිටින බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට රතු වරෙන්තු නිකුත් කර තිබෙනවා.

සැකකරු වසරකට ආසන්න කාලයක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත ව සිටින බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38