පොදු සමා කාලයේ පළමු සති 03 තුළ යුද හමුදාවේ 12,066ක් සේවයෙන් ඉවතට

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 12,066 දෙනෙක් පොදු සමා කාලයේ පළමු සති තුන තුළ ඉවත් කළ බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසනවා.

යුද හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

2024 අප්‍රේල් මස 20 වන දින සිට 2024 මැයි මස 20 වනදා දක්වා මෙම පොදු සමා කාලය ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ, අනුව මෙම පොදු සමා කාලයේ පළමු සති 03 තුළ 2023 වසරේ දෙසැම්බර් 31 සහ ඊට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටි යුද හමුදා සාමාජිකයින් 11,985ක් ඔවුන්ට අයත් රෙජිමේන්තු මධ්‍යස්ථානවලින් තාවකාලිකව ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

එමෙන්ම නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර දැනට විදෙස් ගතව සිටින යුද හමුදා සාමාජිකයින් 81 දෙනෙක් ද මෙම කාල සීමාව තුළ සේවයෙන් නීත්‍යානුකූලව ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි යුද හමුදාව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත් අවුරුද්දේ පළවෙනිදාම කොටුවුණු තහනම් මල් වගාව
00:45
Video thumbnail
ලංවිමේ මළගම පෙබරවාරි පළවෙනිදා සිද්ධවෙනවා
11:07
Video thumbnail
විදුලි පාරිභෝගිකයන්ට නව වසරේ අසුභ ආරංචියක්..විදුලි බිල 11%කින් වැඩි කරනවා..?
10:24
Video thumbnail
අපි විපක්ෂයට දූපතක් හොයලා දෙන්නම් - ඒකට ගිහින් ඉන්න
04:24
Video thumbnail
ඊයේ නොආපු අයට විනය ක්‍රියාමාර්ග අරන් තියෙන්නේ..මොන්ටිසෝරි මන්ත්‍රීලා ගැන කියන කොළඹ පුරපතිනි..
03:35
Video thumbnail
එදා හොරකම ගැන ටියුෂන් දීපු කට්ටිය අද බදු ගැන ටියුෂන් දෙනවා
10:55
Video thumbnail
හරිනි ඇතුළු පිරිස නෙරපා හරින්න
04:44
Video thumbnail
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කඩ 151ක් දෙවියන්ට පිදූ අයුරු"ජනතාවට හිතේ සැනසීමෙන් තුන් වේල කන්න ලැබේවා"
03:48
Video thumbnail
සජිත් Team Work දන්න කෙනෙක් නෙවෙයි..මම හිතන්නේ නෑ සජිත් එකතුවෙයි කියලා..
03:45
Video thumbnail
මේක කැරකිලා ඇවිත් පොත අච්චු ග#පු මනුස්සයාට හිරේ යන්න වෙයි..අපි කවදාවත් ළමයින්ට මෙහෙම කළේ නෑ
02:09


?