ත්‍රිවිධ හමුදාවේ සියලු නිලයන්ගේ දිනක වැටුප ලෙස මිලියන 372ක් ‘Rebuilding Sri Lanka’ අරමුදලට

ශ්‍රී ලංකා යුධ හමුදාව , ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලු නිලයන් විසින් තම දිනක මූලික වැටුප දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට පරිත්‍යාග කර තිබෙනවා.

ඒ් අනුව ත්‍රිවිධ හමුදාව විසින් පරිත්‍යාග කරන ලද මුදල රුපියල් 372,776,918.28ක්.

යුධ හමුදාපති මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ විසින් රුපියල් මිලියන 250ක් ද, නාවික හමුදාපති රියර් අද්මිරාල් කාංචන බානගොඩ විසින් රුපියල් 73,963,879.71ක්ද, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ විසින් රුපියල් 48,813,038.97ක්ද වශයෙන්, එම මූල්‍ය පරිත්‍යාගයට අදාළ චෙක්පත් ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දික කුමානායක වෙත ඊයේ (31) ජනාධිපති ලේකම් කාර්යාලයේදි පිළිගැන්වුණා.

මෙම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ද එක්ව සිටියා.

  1. ආපදාවලදී ත්‍රිවිධ හමුදාව කරන විශිෂ්ට කාර්යභාරය හොඳටම ඇති. ඒ නිසා ඔවුන්ට වැඩිපුර වැටුපක් ගෙවිය යුතුයි. ඔවුන්ගේ වැටුප් කපන්න එපා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49