පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ඇතුළු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් උපරිමයෙන් රකිනවා – කතානායක

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නව වසරේ රාජකාරි ඇරඹීම අද (01) පෙරවරුවේ කතානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදුකෙරුණා.

මෙහිදී අදහස් දක්වමින් කතානායකවරයා අවධාරණය කළේ, සමස්ත ජාතියේ නැවුම් පරිවර්තනයක් ජනතාව අපේක්ෂා කරන බැවින් දසවැනි පාර්ලිමේන්තුවට සුවිශාල වගකීමක් පැවරී ඇති බවයි.

ඒ, අනුව පාරදෘශ්‍ය බවකින් සහ වගවීමෙන් කටයුතු කිරීමේ විශාල වගකීමක් සමස්ත පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට පැවරී ඇති බව ඔහු සඳහන් කළා.

එමෙන්ම ගතවූ කාලය තුළ එහි සාධනීය ලක්ෂණ රැසක් දක්නට ලැබුණු බවත් කතානායකවරයා සඳහන් කර සිටියා.

සමාජ සංවර්ධනය සිදුවීමේ දී සාධාරණත්වය සහ සමානාත්මතාව පාර්ලිමේන්තුවේ සියලු කාර්ය මණ්ඩලයට ද ලබාදෙන බවත් කතානායකවරයා පැවසුවා.

ඒ, අනුව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ඇතුළු සමස්ත වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් උපරිම වශයෙන් ආරක්ෂා කරන බවත්, ඒ වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින බවත් කතානායකවරයා මෙහිදී අවධාරණය කර සිටියා.

පාර්ලිමේන්තු පරිපාලනය ශක්තිමත් කරමින් තවදුරටත් විශිෂ්ට සේවාවක් සපයන කාර්ය මණ්ඩලයක් බවට පත්වීමට නව වසරේදී ශක්තිය ධෛර්ය පතන බව ද නව වසරට සුබ පැතුම් එක් කරමින් කතානායකවරයා ප්‍රකාශ කළා.

මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර පැවසුවේ, රටක් වශයෙන් සංවර්ධන ඉලක්ක හඹා යෑමේදී ව්‍යවස්ථාදායකය ලෙස පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට පැවරෙන වගකීම සුළුපටු නොවන බවයි.

රටේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට දායක වීමට සහ පාර්ලිමේන්තුව නැරඹීමට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසකට අවශ්‍ය පහසුකම් සැපයීම ඇතුළු අනෙකුත් සියලු කටයුතු මෙලෙසින් පවත්වා ගැනීමට කැපවන පාර්ලිමේන්තුවේ සියලු කාර්ය මණ්ඩලයට ස්තුතිය පුද කරන බව නව වසරට සුබ පැතුම් එක් කරමින් ඇය පැවසුවා.

එමෙන්ම පාර්ලිමේන්තු පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවලට ද අනෙකුත් අනුබද්ධ කාර්ය මණ්ඩලවල කැපවීමට ද මහලේකම්වරිය සිය ස්තූතිය මෙහිදී පළ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42