සිකන්දර් රාසාගේ බාල සහෝදරයා ජීවිතයෙන් සමුඅරන්

සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩක සිකන්දර් රාසාගේ 13 හැවිරිදි සහෝදරයා වන මුහම්මද් මහ්ඩි පසුගිය දෙසැම්බර් 29 වනදා ජීවිතයෙන් සමුගත් බව සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන්කර තිබෙනවා.

සිම්බාබ්වේ ක්‍රිකට් මණ්ඩලය තැබූ කෙටි ශෝක සටහනක දැක්වුණේ, මහ්ඩි හිමොෆිලියා රෝගියකු ලෙස උපත ලබා සිටි බවයි.

හිමොෆිලියා යනු රුධිරය කැටි ගැසීමේ හැකියාව දැඩි ලෙස අඩුවන වෛද්‍ය තත්ත්වයක් වන අතර, එමඟින් සුළු තුවාලයකින් පවා රෝගියාගේ රුධිරය දැඩි ලෙස ගලායෑම සිදුවනවා.

සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩලය තවදුරටත් සඳහන් කර තිබුණේ මහ්ඩි සඳුදා ඛේදජනක ලෙස මියගිය බවත් පසුදා දේහය මිහිදන් කළ බවයි.

රාසා සහ ඔහුගේ පවුලේ අය දැඩි ශෝකයෙන් සිටින අවස්ථාවක ඔවුන්ට සහයෝගීතාව ප්‍රකාශ කරන බව ද සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන්කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48