හිටපු ජනපති මහින්දගෙන් නව වසරට සුබ පැතුම්

වසරක අවසානයත් නව වසරක ඇරඹුමත් යනු, අනාගත ගමනට අත්පොතක් සකස් කිරීමේ ක්‍රියාවලික් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

නව වසර වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කරනවා.

ගත වූ කාලය තුළ ගෙවා දැමූ සෑම දිනයක්ම වර්තමාන මෙන්ම අනාගතයට පූර්ව සූදානම් වීම සඳහා ලද අවස්ථාවක් බවයි හිටපු ජනාධිපතිවරයා එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මෙය නැවුම් වසරක ආරම්භයයි. පසුගිය වසරේ අවසානය යනු අත්දැකීම් රැසක එකතුවකි. ගත වූ කාලය තුළ ඔබ ගෙවා දැමූ සෑම දිනයක්ම වර්තමාන මෙන්ම අනාගතයට පූර්ව සූදානම් වීම සඳහා ලද අවස්ථාවන්ය. එය රසවත් මතකයන් සේම කැඩී බිඳී ගිය සිහින ඇතුළත් පාඩමක් විය හැක. එහෙත්, එයින් ලද පන්නරය නව වසරේ ඔබේ ගමනට උපකාරී වනු ඇත. මෙම නව වසරේ ඔබ අලුත් කතාවක් ලිවිය යුතුය. නව ගමනක් ආරම්භ කළ යුතුය. එහිදී , සෑම පරිච්ඡේදයක්ම පරිස්සමින් සහ අවභෝධයෙන් යුතුව ලිවිය යුතුයැයි මම සිතමි. ඔබ තරම් ඔබේ සිහින පිළිබඳව දන්නා තවත් තැනැත්තෙකු නොමැත. එළඹි නව වසර වර්ණවත්, සැබෑ වූ සිහිනයන් පිරි පරිච්ඡේදයක් ලෙස අවසන් කිරීමට උත්සාහ කළ යුතුය.
එබැවින්, වසරක අවසානයත් නව වසරක ඇරඹුමත් යනු, අනාගත ගමනට අත්පොතක් සකස් කිරීමේ ක්‍රියාවලියයි. අපට අතීත සිතියම භාවිතා කළ හැක, එහෙත් නව ගමන සඳහා නව මාවත් නිර්මාණය කර ගත යුතුව ඇත. එහිදී පැරණි වැරදි සාදා ගැනීමට තරම් ඔබ ශක්තිමත් විය යුතුය. ඕනෑම අභියෝගයක් සඳහා මුහුණ දීමට තරම් ඔබ ධෛර්යමත් විය යුතුය. මේ ගමන් මගේ අපහසුතා ඈතිවන සෑම අවස්ථාවකම ඔබේ ආදරණීය දෙමව්පින් සහ කුටුම්භය සිහිපත් කර ගන්නා ලෙස ඉල්ලා සිටිමි. මේ ලෝකයේ ඇති හොඳම අභිප්‍රේරණය එයයි.
නව ආරම්භයට සෙනෙහසින් සුබ පැතුම් පිළිගන්වමි. මාතෘ භූමියටත්, මගේ ආදරණීය ජනතාවටත්, දයාබර දූ දරුවන්ටත් අපේ උතුම් දළදා හාමුදරුවන්ගේ පිහිට ආරක්ෂාව ප්‍රාර්ථනා කරමි. ඔබේ සිහින සැබෑ කරගනිමින් එක්ව අභියෝග ජය ගනු ලබන සුබ නව වසරක් වේවා !
සුබ අනාගතයක්….

  1. අනේ මුගෙ සුබ පැතුම්.. තුක් නොදකින්.. අවුරුදු ගානක් ඔය වගේ බොරු සුබ පැතුම් කර කර ජනතාව රවටලා තමා පවුල සහ පරම්පරාවම ගොඩ දාල රටේ ජනතාව දුප්පත් කරල අවසානයේදි රටත් බංකොලොත් කරපු අපතයා..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42