පොලිසියෙන් සොයන ජොන්ස්ටන්ට අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙක්ට වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

මෙම විදෙස් ගමන තහනම හිටපු අමාත්‍යවරයාට අමතරව ඔහුගේ බාල පුත් ජෙරම් ප්‍රනාන්දු, සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමලල ඇතුලු සැකකරුවන් සිව් දෙනෙකුට බලාත්මක වන පරිදි නිකුත් කර ඇති බව වාර්තා වනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් පෙරේදා (30) දිනයේ දී අත්අඩංගුවට ගනු ලැබූ ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ වැඩිමහල් පුත් ජොහාන් ප්‍රනාන්දු සහ සතොස හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ මොහොමඩ් සකී අධිකරණය වෙත ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ වත්තල අතිරේක මහෙස්ත්‍රාත් සංජය ශ්‍රී විභූෂණ මහතා විසින් ඊයේ (31) දිනයේ දී මෙම නියෝගය නිකුත් කළා.

නීතිපති උපදෙස් ප්‍රකාරව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු පොලිසිය මග හරිමින් සැඟව සිටින බවට එහිදී මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරින් අධිකරණයට දන්වා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13