නාකොටික් මෙහෙයුමකින් අක්කර ගණනක ගංජා හේන් 02ක් වටලයි – සැකකරුවන් තුනකුත් අත්අඩංගුවට

හම්බෙගමුව සහ මීගහකිවුල යන ප්‍රදේශවල දී ගංජා කිලෝ ග්‍රෑම් 150ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාට ලැබුණු තොරතුරක් මත, ඔහුගේ මෙහෙයවීම යටතේ මෙම වැටලීම් සිදුකර ඇති බවයි වුණේ.

මෙහිදී අක්කරයක ඉඩමක් තුළ වගාකර තිබූ පැල 31,500ක් සහ අක්කර භාගයක භූමි ප්‍රමාණයක වගාකර තිබූ 2,420ක් ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්