spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුද්ගල ඝාතනයකට දෙදෙනෙක් අල්ලයි

ජනවාරි 08 වන දින උඩදුම්බර ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් එක් අයෙකු ඝාතනය කර පුද්ගලයන් දෙදෙනෙකුට තියුණු ආයුධ වලින් පහරදී බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් උඩදුම්බර පොලිසිය ආරම්භ කර තිබෙනවා.

09 වන දින මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර 10 වන දින තවත් සැකකරුවන් දෙදෙනෙක් උඩදුම්බර පොලිසිය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 29 හා 35 වයස් වල පසුවන මැද මහනුවර පදිංචිකරුවන්ය.

සැකකරුවන් අද දින (11) තෙල්දෙණිය අධිකරණය වෙත ඉදිරිපත් කරන අතර උඩදුම්බර පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?