spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අවුන් සාන් සුකී බන්ධනාගාරයෙන් නිවාස අඩස්සියට

මියන්මාර බන්ධනාගාරයේ සිටින අවුන් සාන් සුකී නිවාස අඩස්සියට පත් කර ඇති බව වාර්තා වනවා.

එරටට බලපා ඇති දැඩි උෂ්ණත්වය හේතුවෙන් ඇයව මෙලෙස නිවාස අඩස්සියට පත් කර ඇති බවයි එරට හමුදා රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මේ වනවිට 78 වැනි වියේ පසුවන අවුන් සාන් සුකී මියන්මාරයට බලපා ඇති දැඩි උෂ්ණත්වය හේතුවෙන් රෝගාතුර විය හැකි නිසා මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අවුන් සාන් සුකී නිවාස අඩස්සියට පත්කිරීම සඳහා රැගෙන ගිය ස්ථානය පිළිබඳව නිශ්චිත තොරතුරක් වාර්තා නොවන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

මියන්මාර හමුදාව විසින් 2021 දී කුමන්ත්‍රණයකින් අවුන් සාන් සුකී රජය පෙරළා දැමීමෙන් පසු ඇයව සිරගත කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?