හිටපු රාජ්‍ය ඇමති තෙවරප්පෙරුමගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකෙරේ – දේහය බිරිඳ වෙත භාරදෙයි

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ මරණය විදුලි සැර වැදීමෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූ මරණයක් බව පශ්චාත් පරීක්ෂණයේ දී තහවුරු වී තිබෙනවා.

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ මෘත ශරීරය සම්බන්ධයෙන් වන පස්චාත් මරණ පරීක්ෂණය අද (17) කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ දී සිදුකරනු ලැබුවා.

ඒ, නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කේ.එම්.ටී.බී.ගුණතිලකගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර අමාත්‍යවරයා අනතුරට මුහුණ පෑ බව කියන යටදොළවත්ත, නවුත්තුඩුව, කරම්පෑතර පිහිටි ස්ථානය ඊයේ (16) කළුතර අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය කේ.එම්.ටී.බීගුණතිලක නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරනු ලැබුවා.

පසුව හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳ වන අමිතා නාලිංගනී අමරතුංග මහත්මිය විසින් කළුතර ශීක්ෂණ රෝහලේ දී මෘත දේහය හඳුනා ගත්තා.

අනතුරුව කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් අමාත්‍යවරයා අනතුරට ලක් වූ ස්ථානය නිරීක්ෂණය කළ අතර, මතුගම අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් ස්ථානීය පරීක්ෂණයක්ද සිදුකරනු ලැබුවේ අද (17) පෙරවරුවේ යි.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට පෙර කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පාන්දෙනිය මහත්මිය විසින් ද මෘත දේහය පරීක්ෂා කරනු ලැබුවා.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව අද (17) පස්වරු 3.30ට පමණ මෘත දේහය අමාත්‍යවරයාගේ බිරිඳ වෙත භාරදීමෙන් පසු කළුතර පිහිටි මල් ශාලාවක් වෙත රැගෙන ගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා සංඝ රත්නය වඩමවා නන්දා මාලනියට අවසන් කටයුතු කරයි - නැවතත් ජනතා ගෞරවයට විවෘත වෙයි
01:31
Video thumbnail
නිහඬ වූ මාලනියට සමුදෙන්න ඇවිත් රනිල් කිව්ව සංවේදී කතාව - මට මතකයි කලාවට ඇය කළ සේවය
01:39
Video thumbnail
වැලිපැන්නට ගිය නලින්ද විපක්ෂයට කට උත්තර නැති කරයි - දැන් කට්ටිය ඇපපිට නැත්තම් සැකපිට
06:20
Video thumbnail
ආදිත්‍යා වැලිවත්තගේ මුවින් නන්දා මාලනිය ගැන පිටවූ වදන් - අපේ අම්මා කෙනෙක් වගේ - හරිම දුකයි
00:56
Video thumbnail
හැමෝම ඉදිරියේ බණ කිව්ව විපක්ෂ නායක - බලය නැතත් සැබෑ System Change එක අපි කරනවා
14:16
Video thumbnail
මාලනියගේ නිවසේ අද උදෑසන තත්ත්වය - ජාතියේ යශෝරාවය ළඟ හඬා වැටුණු මිනිස්සු..
01:50
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක් - ලොරි සහයකයා තුවාල ලබා රෝහලේ
00:50
Video thumbnail
මාලනියට අවසන් ගෞරව දක්වන්න සෙනඟ මැදින් ආ වික්ටර් රත්නායක - සංවේදී වී බලා සිටින අයුරු
01:57
Video thumbnail
නිහඬ වූ නන්දා දෙස බලා සංවේදි වුණ වසන්ත - ඇගේ පැතුම් මල්ඵල ගැන්වෙන මොහොතක් මේ
03:35
Video thumbnail
හෙළයේ අමරණීය හඬට සමුදෙන්න මහ රෑම ආ ජනාධිපති අනුර
01:19