Empty Ad
AFC Banner
Empty Ad

පිල්ලෙයාන්ගෙන් හෙළිදරව්වක්

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට එල්ල වන චෝදනා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.

අසාද් මවුලානා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සිදු කරන ප්‍රකාශ අසත්‍ය වන අතර ඔහුගේ ප්‍රකාශ ඇතුළත් චැනල් ෆෝ වීඩියෝව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම හෙළිදරව්ව පිළිබඳව අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය පිල්ලෙයාන් කියාසිටියේ පාස්කු ඉරිදා ප්‍රහාරයට හෝ බෝම්බකරුවන්ට කිසිදු සම්බන්ධයක් තමාට නොමැති බවයි.

ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කළේ අදාළ චෝදනා පදනම් විරහිත බව පවසමින්.

තම හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයා විදේශගත සරණාගතභාවය සඳහා ඇති ඉල්ලීම ශක්තිමත් කර ගැනීම සඳහා මෙවැනි අසත්‍ය ප්‍රකාශ සිදු කරන බවයි රාජ්‍ය අමාත්‍ය පිල්ලෙයාන් වැඩිදුරටත් සඳහන් කළේ.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ අසාද් මවුලානා තම පක්ෂයට නිල වශයෙන් දැනුම් දී පෞද්ගලික හේතුවක් මත පවුලේ අය සමඟ වසරකට පෙර ශ්‍රී ලංකාවෙන් පිටව ගිය බවයි.

මීට පෙරද චැනල් ෆෝ නාලිකාව සිය වීඩියෝ දර්ශන හරහා ශ්‍රී ලංකාවට දැඩි හානියක් සිදු කර ඇති බව සඳහන් කරන රාජ්‍ය අමාත්‍ය පිල්ලෙයාන් පසුගියදා නිකුත් කළ වාර්තා චිත්‍රපටය සම්බන්ධයෙන් බිය නොවිය යුතු බව ප්‍රකාශ කළා.

ප්‍රහාරකයන්ට සම්බන්ධ ආගමික, දේශපාලන සහ සමාජ බලවේග ආරක්ෂා කිරීමට අසාද් මවුලානා උත්සාහ කළ බවට තමාට සැකයක් පවතින බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියා.

එමෙන්ම මෙම චෝදනා නැඟෙනහිර පළාත තුළ තම පක්ෂයේ පැවැත්ම විනාශ කිරීමට ඇතැම් කණ්ඩායම් දරන උත්සාහයන් ලෙස සැලකිය හැකි බවද ඔහු පෙන්වා දෙනවා.

රාජ්‍ය අමාත්‍ය පිල්ලෙයාන් චැනල් 4 වීඩියෝ පටයෙන් හෙළිදරව් වූ චෝදනා පමණක් නොව අසාද් මවුලානාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ද ජාත්‍යන්තර සහාය ඉල්ලා සිටිනවා.

එවැනි වීඩියෝ සහ චෝදනා හමුවේ ශ්‍රී ලංකාව තුළ නැවත වරක් අස්ථාවරත්වයක් ඇති කිරීමට හේතු විය හැකි බවටයි ඔහු අනතුරු අඟවන්නේ.

පාස්කු ප්‍රහාරය කිසිසේත් අනුමත කළ නොහැකි බව ද ඔහු සඳහන් කළා. එහි වගකීම අයි.එස් ත්‍රස්ත කණ්ඩායම භාරගෙන තිබූ අතර ප්‍රහාරයේ අරමුණ ඔවුන් සිය වෙබ් අඩවිය තුල වාර්තා කර තිබූ බවයි පිල්ලෙයාන් පෙන්වා දෙන්නේ.

අසාද් මවුලානා මෙම සිදුවීම වෙනත් දිශාවකට හැරවීමට උත්සාහ කරන බවට සැකයක් මතුවන බව ද ඔහු පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

2015 වසරේ සිට 2020 දක්වා තමන් බන්ධනාගාර ගතව සිටින අතර එවැනි පසුබිමක මෙවැනි ප්‍රහාරයකට සම්බන්ධ වීමට හැකියාවක් නොමැති බවයි පිල්ලෙයාන් කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
2
+1
0
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?