පිල්ලෙයාන්ගෙන් හෙළිදරව්වක්

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට එල්ල වන චෝදනා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.

අසාද් මවුලානා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සිදු කරන ප්‍රකාශ අසත්‍ය වන අතර ඔහුගේ ප්‍රකාශ ඇතුළත් චැනල් ෆෝ වීඩියෝව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම හෙළිදරව්ව පිළිබඳව අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය පිල්ලෙයාන් කියාසිටියේ පාස්කු ඉරිදා ප්‍රහාරයට හෝ බෝම්බකරුවන්ට කිසිදු සම්බන්ධයක් තමාට නොමැති බවයි.

ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කළේ අදාළ චෝදනා පදනම් විරහිත බව පවසමින්.

තම හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයා විදේශගත සරණාගතභාවය සඳහා ඇති ඉල්ලීම ශක්තිමත් කර ගැනීම සඳහා මෙවැනි අසත්‍ය ප්‍රකාශ සිදු කරන බවයි රාජ්‍ය අමාත්‍ය පිල්ලෙයාන් වැඩිදුරටත් සඳහන් කළේ.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ අසාද් මවුලානා තම පක්ෂයට නිල වශයෙන් දැනුම් දී පෞද්ගලික හේතුවක් මත පවුලේ අය සමඟ වසරකට පෙර ශ්‍රී ලංකාවෙන් පිටව ගිය බවයි.

මීට පෙරද චැනල් ෆෝ නාලිකාව සිය වීඩියෝ දර්ශන හරහා ශ්‍රී ලංකාවට දැඩි හානියක් සිදු කර ඇති බව සඳහන් කරන රාජ්‍ය අමාත්‍ය පිල්ලෙයාන් පසුගියදා නිකුත් කළ වාර්තා චිත්‍රපටය සම්බන්ධයෙන් බිය නොවිය යුතු බව ප්‍රකාශ කළා.

ප්‍රහාරකයන්ට සම්බන්ධ ආගමික, දේශපාලන සහ සමාජ බලවේග ආරක්ෂා කිරීමට අසාද් මවුලානා උත්සාහ කළ බවට තමාට සැකයක් පවතින බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියා.

එමෙන්ම මෙම චෝදනා නැඟෙනහිර පළාත තුළ තම පක්ෂයේ පැවැත්ම විනාශ කිරීමට ඇතැම් කණ්ඩායම් දරන උත්සාහයන් ලෙස සැලකිය හැකි බවද ඔහු පෙන්වා දෙනවා.

රාජ්‍ය අමාත්‍ය පිල්ලෙයාන් චැනල් 4 වීඩියෝ පටයෙන් හෙළිදරව් වූ චෝදනා පමණක් නොව අසාද් මවුලානාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ද ජාත්‍යන්තර සහාය ඉල්ලා සිටිනවා.

එවැනි වීඩියෝ සහ චෝදනා හමුවේ ශ්‍රී ලංකාව තුළ නැවත වරක් අස්ථාවරත්වයක් ඇති කිරීමට හේතු විය හැකි බවටයි ඔහු අනතුරු අඟවන්නේ.

පාස්කු ප්‍රහාරය කිසිසේත් අනුමත කළ නොහැකි බව ද ඔහු සඳහන් කළා. එහි වගකීම අයි.එස් ත්‍රස්ත කණ්ඩායම භාරගෙන තිබූ අතර ප්‍රහාරයේ අරමුණ ඔවුන් සිය වෙබ් අඩවිය තුල වාර්තා කර තිබූ බවයි පිල්ලෙයාන් පෙන්වා දෙන්නේ.

අසාද් මවුලානා මෙම සිදුවීම වෙනත් දිශාවකට හැරවීමට උත්සාහ කරන බවට සැකයක් මතුවන බව ද ඔහු පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

2015 වසරේ සිට 2020 දක්වා තමන් බන්ධනාගාර ගතව සිටින අතර එවැනි පසුබිමක මෙවැනි ප්‍රහාරයකට සම්බන්ධ වීමට හැකියාවක් නොමැති බවයි පිල්ලෙයාන් කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14