යුද්ධයට පැමිණි අමෙරිකාවේ සෙබළුන් 300කට අධික පිරිසකට තුවාල

අමෙරිකාවේ මැදිහත්වීමෙන් මැදපෙරදිග කලාපයේ ඇතිව තිබෙන යුදමය තත්ත්වය ආරම්භ වූ දා සිට මේ දක්වා අමෙරිකානු සෙබළුන් 13 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එමෙන්ම යුද්ධයට සහභාගී වූ තවත් ඇමෙරිකානු සෙබළුන් 300කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

කෙසේ වෙතත් එලෙස තුවාල ලැබූ ඇමෙරිකානු සෙබළුන්ගෙන් 273ක් මේ වන විට යලි සේවයට වාර්තා කර ඇති බවත් අමෙරිකාව නිවේදනය කර තිබෙනවා.