ජනපති ට්‍රම්ප් ඇමරිකානු නීතිපතිව ගෙදර යවයි – පෞද්ගලික නීතිඥවරයා නව නීතිපති කරයි

ඇමරිකානු නීතිපති පෑම් බොන්ඩි එම තනතුරෙන් ඉවත් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබෙනවා.

සිය ටෘත් සෝෂල් සමාජ මධ්‍යයේ සටහනක් තබමින් ට්‍රම්ප් පවසන්නේ ඇය පෞද්ගලික අංශයේ භූමිකාවකට මෙලෙස තනතුරින් ඉවත්වන බවයි.

කෙසේ වෙතත් විදෙස් වාර්තා සඳහන් කළේ ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් නීතිපති තනතුරින් පෑම් බොන්ඩිව ඉවත්කර ඇති බවයි.

පෑම් බොන්ඩිගේ ඉවත් කිරීමෙන් පසු ඇය වෙනුවට නියෝජ්‍ය නීතිපති ටොඩ් බ්ලැන්ච් වැඩබලන නීතිපතිවරයා ලෙස පත් කරන බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ.

ස්වදේශ ආරක්ෂක ප්‍රධානියා ලෙස කටයුතු කළ ක්‍රිස්ටි නොයම් පසුගිය මාර්තු මාසයේදී එම ධුරයෙන් නෙරපා හැරීමෙන් පසු
ට්‍රම්ප් පරිපාලනයෙන් ඉවත්කරන ලද දෙවන පරිපාලන නිලධාරිනිය පෑම් බොන්ඩි වනවා.

මේ අතර වැඩබලන නීතිපති ධුරය සඳහා පත් කර ඇති ටොඩ් බ්ලැන්ච්, දක්ෂ හා ගෞරවාන්විත නීතිඥයෙකු බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ.

ටොඩ් බ්ලැන්ච් මීට පෙර ජනාධිපති ට්‍රම්ප්ගේ පෞද්ගලික නීතිඥයෙකු ලෙස ද කටයුතු කළ අයෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22