ඉෂාරා සෙව්වන්දිගේ සී.සී.ඩීයේ උපන්දින සාදය ගැන පොලිසියෙන් නිවේදනයක්

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන ගනේමුල්ල සංජීව අධිකරණය තුළ දී වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකාරියක්වන ඉෂාරා සෙව්වන්දි නැමැත්තියගේ උපන් දිනය වෙනුවෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ දී කේක් කපා සාදයක් පැවැත් වූ බව කියන සිද්ධිය පිළිබඳව පොලිසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඉෂාරා සෙව්වන්දි නැමැති සැකකාරිය මේ වනවිට කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ රැඳවුම් නියෝග මතරඳවා සිටිනවා.

පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින්.

“කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේදී පසුගිය දිනක වාර්තා වූ සිදුවීමක් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින පුවතක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම.
2026.03.29 වන දින කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ (CCD) රැඳවුම් නියෝග මතරඳවා සිටින ඉෂාරා සෙව්වන්දි යන සැකකාරියගේ උපන් දිනය වෙනුවෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේදී කේක් කපා සාදයක් පැවැත්වූ බවට මේ දිනවල සමාජ මාධ්‍යජාලා ඔස්සේ පුවතක් සංසරණය වෙමින් පවතී.
කොළඹ අපරාධ කොට්ඨාසයේදී සිදුවූ බව කියන මෙම සිද්ධියට අදාලව සත්‍ය නොවන කරුණුද සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වීම නිරීක්ෂණය වන බැවින් මේ පිළිබඳව සත්‍ය තත්ත්වය සම්බන්ධ වාර්තාවක් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙතින් කැඳවීමට කටයුතු කරන ලද අතර එම වාර්තාවට අනුව පහත පරිදි කරුණු පැහැදිලි කිරීමට කටයුතු කරනු ලැබේ.
ඉහත නම් සඳහන් සැකකාරියගේ උපන්දිනය වෙනුවෙන් උපන් දින කේක් කැපීමේ සැලසුමක් ඇති බවට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත තොරතුරක් ලැබී තිබූ බවත්, ඒ අනුව මෙම ක්‍රියාව වැළැක්වීමට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා කටයුතු කර ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් වාර්තා කර ඇත.
පසුව සිදු කරන ලද විමර්ශනයට අනුව මූලික පියවරක් වශයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා පොලිස්පතිතුමාගේ නියෝග මත වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙත ස්ථාන මාරු කර යැවීමට කටයුතු කර ඇත.
පොලිස් නිලධාරීන් සෑම විටම තම වෘත්තීමය ආචාර ධර්ම පිළිපැදීමට කටයුතු කල යුතුව තිබියදී මෙම සිදුවීමට සම්බන්ධ නිලධාරීන් අවිධිමත් ලෙස ක්‍රියා කිරීම හා නීත්‍යානුකූල නොවන අයුරින් කටයුතු කිරීම පිළිබඳ පොලිස්පතිතුමන්ගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.”

  1. මේ නරකාදි ගොං ගෑනි හින්දා කී දෙනෙක් අමාරුවේද. එකෙක් මැරුවා තව කීප දෙනෙක් හිරේ ගියා. අම්මා හිරේ ගිය මදිවාට හිරේදි මැරුණා. මල්ලී හිරේ ගිය. දැන් තව පොලිස් කාරයෝ හිරේ යයි කේක් හින්දා. මුන් කෙලින්ම පෝරකේට නොයවන එකේ විපාකේ. මහජන මුදලින්දි කන්ඩ දිදී කේක් කව කවා මොනවට තියන් ඉන්නවාද මිනී මරු ගණිකාවන්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20