spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරන්නන් නැති කිරීමට පනතක්

පාසල් සිසුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කිරීම සඳහා ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාලය විනාශ කිරීමේ අරමුණින් විශේෂ පනත් කෙටුම්පතක් ගෙන ඒමට ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙනවා.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් අඟහරුවාදා ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ පැවැති සාකච්ඡාවකදී මේ ගැන අවධානය යොමුව ඇත.

ආන්තරායක ඖෂධ හා විෂ අබිං ආඥා පනත සංශෝධනය කිරීම වෙනුවට නව පනතක් මේ වෙනුවෙන්ම ගෙන ඒම සුදුසු බවට මෙහිදී සාකච්ඡා වී තිබේ.

පාසල් ඉලක්ක කර ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන ජාවාරම්කරුවන් නීතියට හසු කර ගැනීම හා එම පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් මෙම මත්ද්‍රව්‍ය ජාලයේ සිටින කුමන තාරතිරමක පුද්ගලයකු වුවත් තරාතිරම නොබලා දඬුවම් දිය යුතු බවත් සාගල රත්නායක මහතා මෙහිදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?