අයිස් මත්ද්‍රව්‍ය සඳහා තිබු පනත සංශෝධන වීමෙන් අනතුරුව මහා අධිකරණයේ, පළමුවරට නඩුවක් පැවරිය හැකි පොළොන්නරුවෙ ප්‍රථම අයිස් මත්ද්‍රව්‍ය තොගය අද (3) , සවස 3.00 ට පමණ සැකකරුවකු සමග පොළොන්නරුව
උණගලාවෙහෙර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාශ දූශන මර්දන ඒකකය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 3540 ක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොළොන්නරුව කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක, සමීර මංජුල කුලසිංහ මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
පොළොන්නරුව ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි සැකකරු, ඔහු සතුව තිබූ අයිස් මත්ද්‍රව්‍ය තොගය සමග අත්අඩංගුවට ගත් බවත්, ඒ අනුව අයිස් මත්ද්‍රව්‍ය සදහා තිබූ පනත සංශෝධනය වීමෙන් අනතුරුව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මහාධිකරණයේ නඩුවක් පැවරිය හැකි අත්අඩංගුවට ගත් ප්‍රථම අයිස් මත්ද්‍රව්‍ය තොගය මෙය වන බවද මංජුල කුලසිංහ මහතා පැවසීය.
සැකකරු පොළොන්නරුව උණගලාවෙහෙර ප්‍රදේශයේ පදිංචි තිස්පස් වියැති අයෙකු වන අතර, ඔහු මීට පෙර ගංජාවලට අත්අඩංගුවට ගෙන අධිකරණයේ වරදකරුවකු වී සිටි අයකු බවද කොට්ඨාස දූෂණ මර්දන ඒකකය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු කලක සිට මෙම අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරගෙන ගොස් ඇති අතර ඔහු මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය විකිණීම සඳහා මඩකලපුව, එරාවුර් ප්‍රදේශයෙන් ගෙනැවිත් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවද කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සමීර මංජුල කුලසිංහ මහතා අප කළ විමසීමකදී වැඩිදුරටත් කීවේය.
අත්අඩංගුවට ගත් සැකකරු සමඟ අයිස් මත්ද්‍රව්‍ය තොගය පස්වැනිදා පොළොන්නරුව මහාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.











MEWA NGO ANYA AGAMIKA UN KARANA SANWIDHANATHMAKA MEHEYUM. PASAL WALA TUTION PANTHI WALA. APE IPARANI AYITHIHASIKA NAGARA WALA. DRUGS,AIDS,PIRIMI GEHENU GANIKA WYAPARA,DUGEE DUPPATH KAMA, GOVIYAN TA POHORA, BEHETH NATHI KIREEMA, ADU BARA DARU UPATH, LADARU LAMA MANDHAPOSHANAYA, NAYA BARA, ASWENNA WIKUNA GANEEMATA NOHAKI WEEMA, APARADHA, ME OKKOMA THIYENNE APE AYITHIHASIKA ANURADHAPURA, POLONNARUWA, SEEGIRIYA, MAHANUWARA,DAMBULLA WANI PALATH WALA NEDHA. COLAMBA PRADHANA BASNAHIRA ISKOLA TARGET KARALA NEDHA DRUGS SPREAD WELA THIYENNE? EYI DARUWO WADIYENMA INNA PALATHA. GANIKA, SAMBAHANA, BAR, KASIPPU SPOT WADIYENA THIYENNE BASNAHIRA. MEKA HONDATA PLAN KALA EKINEKA BANDUNA NGO, ANYA AGAMIKA WYAPARA JALAYAK NEDHA. HITHALA BALANNA. THAMA THAMUNGE DARUWO MEWAYIN EITH KARANNA, BERA GANNA. ME GON PANDUWA MUKUTH KARANNENAHE. KARANNA ONA KAMAK MOLAYAK DANUMAK NAHE. OWA GODAK RUN KARANNE MEKEMA INNA GODAK UN. EKAYI OWA YAHATHIN WEJAMBENNE.