AFC Banner
Empty Ad
Empty Ad

දුම්රියෙන් වැටුන තරුණයාට පාද දෙක අහිමි වෙයි

කොළඹ සිට බෙලිඅත්ත බලා ධාවනයවු ගාලු කුමාරි දුම්රියේ පැමිණි පුද්ගලයෙකු අද සවස ගාල්ල දුම්රිිය ස්ථානයේදි දුම්රියෙන් ඇදවැටි දුම්රියට හසුවිමෙන් පාද දෙකම වෙන්වි ඇතැයි ගාල්ල පොලිසිය පවසනවා.

මෙසේ අනතුරට පත්ව ඇත්තේ මිරිස්ස උඩුපිල පදිංචි 25 හැවිරිදි තරුණයෙක්.

දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසුවේ දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානයට ලඟාවිමත් සමග මගින්ගේ තෙරපිමත් සමග පාපුවරුවේ පැමිණ ඇති ඔහු දුම්රියෙන් ඇදවැටි ඇති බවය.

දුම්රිය නතර කිරිමත් සමඟ එහි සිටි පිරිස ඔහු දුම්රිය වේදිකාවට ගෙන ඇතත් ඒ වනවිට ඔහුගේ පාද දෙකම සම්පුර්ණයෙන්ම වෙන්වි තිබින.

පසුව 1990 ගිලන් රියකින් ඔහු කරාපිටිය රෝහල වෙත ගෙනයන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?