AFC Banner
Empty Ad
Empty Ad

දිය නෑමට ගිය අයෙකුගේ දිවි අවසන් වෙලා

බොරළු කපා අතහැර දමන ලද ජලය පිරි වළකට වැටී පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පුත්තලම පොලීසිය පවසනවා.

මිය ගොස් ඇති අය හලාවත – දැදුරුඔය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45 – 50 ක වන අයෙකු බවට හදුනා ගෙන ඇතිමුත් වැඩි විස්තරයක් මෙතෙක් අනාවරණව වී නොමැති බව පොලීසිය සඳහන් කරයි.

ඊයේ (11) රාත්‍රී 9.00 ට පමණ පුත්තලම – කල්අඩිය ප්‍රදේශයේ ජලය පිරි වලේ තිබී සිරුර හමුවී තිබෙන අතර මිය ගොස් ඇති අය කුලී පදනම මත කල්අඩිය ප්‍රදේශයේ ව්‍යපාරිකයෙකු යටතේ ගඩොල් කැපීම වෘත්තිය ලෙස සිදු කර ඇති බව සඳහන්.

සෑම දිනක ගඩොල් කැපීම අවසන් කර ආසන්නයේ ඇති බොරළු කපා අතහැර දමන ලද වළකට ගොස් පිරිසිදු වීම ඔහු විසින් සිදු කර ඇති බවත්,11 වෙනිදා සුපුරැදු පරිදි දිය නෑමට ගිය අය ආපසු නොපැමිණීම සම්බන්ධයෙන් සොයා බලන විට දියේ ගිලී තිබූ සිරුර හමුවී ඇති බවත් පොලීසිය කියයි.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇති අතර පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?