දිනේෂ් ශාෆ්ටර්ගේ මරණයට හේතුව සොයන්න විශේෂඥ අධිකරණ වෛද්‍ය කමිටුවක්

ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණයට හේතුව නිගමනය කිරීම සඳහා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් සමන්විත පංච පුද්ගල කමිටුවක් පත් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබෙනවා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය විසිනුයි මීට අදාළ නියෝගය අද ප්‍රකාශයට පත් කළේ.

නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මරණකරුගේ මරණයට සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ මුල් පිටපත හා අවසන් සවිස්තර වාර්තාව අතර පරස්පරතා නිරීක්ෂණය වන බවයි.

එම තත්වය යටතේ මරණකරුගේ මරණයට හේතුව නිගමනය කිරීම අපහසු බවත් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා.

ඒ අනුව මරණකරුගේ මරණයට හේතුව නිගමනය කිරීම සඳහා වොහාරික විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් සමන්විත පංච පුද්ගල කමිටුවක් පත් කිරීමට තමන් තීරණය කරන බවත් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා.

ඒ අනුව තමන් නියෝග දෙකක් නිකුත් කරන බවත් මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය මෙරට ජ්‍යෙෂ්ඨත්වය අනුව ඉදිරියෙන් සිටින අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ නාම ලේඛනයක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසටයි දැනුම් දුන්නේ.

ඊට අමතරව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත තවත් නියෝගයක් නිකුත් කළ මහෙස්ත්‍රාත්වරිය වෝහාරික වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥතාවයක් දරන ජේෂ්ඨ කථිකාචාර්යවරුන්ගේ නාම ලේඛනයක් ඉදිරිපත් කරන ලෙසද නියෝග කර තිබෙනවා.

එම නාම ලේඛන දෙක ලැබීමෙන් අනතුරුව මරණකරුගේ මරණයට හේතුව නිගමනය කිරීම සඳහා අවශ්‍ය කරන පංච පුද්ගල කමිටුව නම් කරන බවත් මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළා.

ඒ අනුව මෙම නියෝග සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත භාර දෙන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය පැමිණිල්ල නැවත පෙබරවාරි මස 20 වනදා කැඳවන ලෙසද නියෝග කළා.

අද දින මරණ පරීක්ෂණය කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කළේ මෙම සිද්ධියට අදාළව කරුණු දැක්වීමට අවසර දෙන ලෙසටයි.

එහිදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මෙම සිද්ධියට අදාළ සාක්ෂි සටහන් කර ගැනීම තමන් දැනටමත් අවසන් කර ඇති බවත් මරණයට හේතුව පිළිබඳ නියෝග නිකුත් කිරීමට පමණක් ඉතිරිව තිබෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?