දිනේෂ් ශාෆ්ටර්ගේ මරණයට හේතුව සොයන්න විශේෂඥ අධිකරණ වෛද්‍ය කමිටුවක්

ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණයට හේතුව නිගමනය කිරීම සඳහා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් සමන්විත පංච පුද්ගල කමිටුවක් පත් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබෙනවා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය විසිනුයි මීට අදාළ නියෝගය අද ප්‍රකාශයට පත් කළේ.

නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මරණකරුගේ මරණයට සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ මුල් පිටපත හා අවසන් සවිස්තර වාර්තාව අතර පරස්පරතා නිරීක්ෂණය වන බවයි.

එම තත්වය යටතේ මරණකරුගේ මරණයට හේතුව නිගමනය කිරීම අපහසු බවත් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා.

ඒ අනුව මරණකරුගේ මරණයට හේතුව නිගමනය කිරීම සඳහා වොහාරික විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් සමන්විත පංච පුද්ගල කමිටුවක් පත් කිරීමට තමන් තීරණය කරන බවත් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා.

ඒ අනුව තමන් නියෝග දෙකක් නිකුත් කරන බවත් මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය මෙරට ජ්‍යෙෂ්ඨත්වය අනුව ඉදිරියෙන් සිටින අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ නාම ලේඛනයක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසටයි දැනුම් දුන්නේ.

ඊට අමතරව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත තවත් නියෝගයක් නිකුත් කළ මහෙස්ත්‍රාත්වරිය වෝහාරික වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥතාවයක් දරන ජේෂ්ඨ කථිකාචාර්යවරුන්ගේ නාම ලේඛනයක් ඉදිරිපත් කරන ලෙසද නියෝග කර තිබෙනවා.

එම නාම ලේඛන දෙක ලැබීමෙන් අනතුරුව මරණකරුගේ මරණයට හේතුව නිගමනය කිරීම සඳහා අවශ්‍ය කරන පංච පුද්ගල කමිටුව නම් කරන බවත් මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළා.

ඒ අනුව මෙම නියෝග සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත භාර දෙන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය පැමිණිල්ල නැවත පෙබරවාරි මස 20 වනදා කැඳවන ලෙසද නියෝග කළා.

අද දින මරණ පරීක්ෂණය කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කළේ මෙම සිද්ධියට අදාළව කරුණු දැක්වීමට අවසර දෙන ලෙසටයි.

එහිදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මෙම සිද්ධියට අදාළ සාක්ෂි සටහන් කර ගැනීම තමන් දැනටමත් අවසන් කර ඇති බවත් මරණයට හේතුව පිළිබඳ නියෝග නිකුත් කිරීමට පමණක් ඉතිරිව තිබෙන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27