Empty Ad
AFC Banner
Empty Ad

තවත් කොවිඩ් පොකුරක් ඇතිවිමේ අවධානමක් හේතුව මෙන්න

රජය පැන වූ පාලන මිලට වඩා වැඩි මිල ගණන්වලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කළ වෙළෙඳසැල් කිහිපයක්ම අද (04) දිනයේ නීතියේ රැහැනට හසු කරගැනුණි. පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ මීට අදාළ වැටලීම් ඉදිරි දිනවලදීත් අඛණ්ඩව සිදුකරන බවය.

පාරිභෝගික කටයුතු අධිකාරිය ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ නිකුත් කළ ගැසට් නිවේදනය මගින් සීනිවලට මෙන්ම සහල් සඳහා ද පාලන මිලක් නියම කෙරුණි. පිටකොටුව තොග වෙළඳපොළේ අද (04) පාලන මිල ගණන් යටතේ සහල් අලෙවිය සිදුවුණි. මේ අතර පාලන මිල ගණන් යටතේ සතොස මගින් අදත් සීනි අලෙවි කරනු දක්නට ලැබුණි.

කෙසේවෙතත් ඇතැම් ප්‍රදේශවල සීනි මිලදී ගැනීම සඳහා දිගු පෝලිම් පැවැති බව දක්නට ලැබේ. මේ අතර රජයේ අනුමත මිලට වඩා වැඩි මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කළ වවුනියාව නගරයේ වෙළෙඳසැල් කිහිපයක් වැටලිමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගත්තේය.

සහල්, සීනි හා තිරිගු පිටි මෙලෙස රජයේ අනුමත මිලට වඩා වැඩි මිලට ඔවුන් විසින් අලෙවිකර තිබේ. මේ අතර සීනි කොවිඩ් පොකුරක් නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇති බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පැවසූහ.

පරිභෝජනය සඳහා සීනි ලබා ගැනීමට වෙළෙඳසැල් අසලට රැස්ව සිටින ජනතාව හේතුවෙන් සීනි කොවිඩ් පොකුරක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බවයි උන්වහන්සේ පෙන්වාදෙයි. අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි එම අදහස් පළකළහ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙදා පොටේ නාමල්ට වැඩේ සෙට් වගේ - නුවර එළියේ පොහොට්ටු පිපෙයි
Video thumbnail
🔴BOPATHA | මහර බන්ධනාගාරයේ සිරකරුවන් වෙනුවෙන් සිදුකළ විශේෂ බෝපත වැඩසටහන - කාව්‍යමය ධර්ම දේශනය
00:00
Video thumbnail
පෝය දවසේ බස් එකේ ජරමරේ - කොහොමද වලිය - ඉවර වෙනකම් බලන්න
04:20
Video thumbnail
තන්හාවෙන් මේ හිත තෘප්තිමත් කරලා අවසන් කරන්න බෑ
09:43
Video thumbnail
කළුතර නොසැලුණු අලියා රනිල්ට නැතිවෙයි ?
07:30
Video thumbnail
කාගේ හරි කීමකට මිනිස් ජීවතයක් අහිමි කළත් - පවනම් පවමයි...
16:02
Video thumbnail
ඊයේ රෑ පොලිසිය කටුනායක පීරයි - AIR PORT එකේ මිනිස්සුත් හොල්මන් කළ සිදුවීම
00:59
Video thumbnail
ඊයේ රෑ පොලිසිය කටුනායක පීරයි - AIR PORT එකේ මිනිස්සුත් හොල්මන් කළ සිදුවීම
03:44
Video thumbnail
ලාල් කාන්ත අරක්කු කියන්නේ ආහාරයක්ද ? අනුන්ගේ යට ඇදුම් අඳින අය ඔහොම තමයි
06:21
Video thumbnail
සුපිරි ජනතා නියෝජිතයෝ - චතුරංග බැහැලම වැඩ
08:26

?