වෛද්‍යවරිය කෙළසූ නරුමයා අත්අඩංගුවට (වීඩියෝ)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික හිංසනයන් සිදු කර, පලා ගොස් සිටි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (12) පෙරවරුවේ එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්නෑව පොලිස් බල ප්‍රදේශයේ දී බවයි වාර්තා වන්නේ.

මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ පා ඇත්තේ 32 හැවිරිදි වියෙහි පසු වන අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක ලෙස පුහුණුවෙමින් සිටි තැනැත්තියක්.

ඇය පෙරේදා පස්වරු 6.30ත් 07ත් අතර කාලයේ දී සිය සේවා මුරය අවසන් කර රෝහල් පරිශ්‍රයේ ම පිහිටි තම නිල නිවාසය වෙත ගොස් ඇති අතර එහිදි නාඳුනන අයෙකු නිවසට ඇතුල් වී ඇයගේ ගෙලට තියුණු ආයුධයක් තබා බියගන්වා මෙම ලිංගික හිංසනයන් සිදුකර පලා ගොස් තිබෙනවා.

ඉන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් 05ක් පරීක්ෂණ කටයුතු ආරම්භ කළේ පලා ගිය සැකකරු අල්ලා ගැනීමටයි.

මෙම සැකකරු හමුදාවෙන් පලා ආ අයෙකු බවටත් වාර්තා වනවා.

කෙසේවෙතත් ඊයේ පස්වරුවේ රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කළේ අද පෙරවරු 08 වන විට සැකකරු අත්අඩංගුවට නොගතහොත් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් සිදු කරන බවයි.

ඒ අනුව දිවයිනේ රෝහල්වල අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා හැර සෙසු වෛද්‍ය ප්‍රතිකාර අංශවල වැඩ වර්ජනය ක්‍රියාත්මක වුණා.

මේ අතර මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ද අද පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25