තවත් කොවිඩ් පොකුරක් ඇතිවිමේ අවධානමක් හේතුව මෙන්න

රජය පැන වූ පාලන මිලට වඩා වැඩි මිල ගණන්වලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කළ වෙළෙඳසැල් කිහිපයක්ම අද (04) දිනයේ නීතියේ රැහැනට හසු කරගැනුණි. පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ මීට අදාළ වැටලීම් ඉදිරි දිනවලදීත් අඛණ්ඩව සිදුකරන බවය.

පාරිභෝගික කටයුතු අධිකාරිය ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ නිකුත් කළ ගැසට් නිවේදනය මගින් සීනිවලට මෙන්ම සහල් සඳහා ද පාලන මිලක් නියම කෙරුණි. පිටකොටුව තොග වෙළඳපොළේ අද (04) පාලන මිල ගණන් යටතේ සහල් අලෙවිය සිදුවුණි. මේ අතර පාලන මිල ගණන් යටතේ සතොස මගින් අදත් සීනි අලෙවි කරනු දක්නට ලැබුණි.

කෙසේවෙතත් ඇතැම් ප්‍රදේශවල සීනි මිලදී ගැනීම සඳහා දිගු පෝලිම් පැවැති බව දක්නට ලැබේ. මේ අතර රජයේ අනුමත මිලට වඩා වැඩි මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කළ වවුනියාව නගරයේ වෙළෙඳසැල් කිහිපයක් වැටලිමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගත්තේය.

සහල්, සීනි හා තිරිගු පිටි මෙලෙස රජයේ අනුමත මිලට වඩා වැඩි මිලට ඔවුන් විසින් අලෙවිකර තිබේ. මේ අතර සීනි කොවිඩ් පොකුරක් නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇති බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පැවසූහ.

පරිභෝජනය සඳහා සීනි ලබා ගැනීමට වෙළෙඳසැල් අසලට රැස්ව සිටින ජනතාව හේතුවෙන් සීනි කොවිඩ් පොකුරක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බවයි උන්වහන්සේ පෙන්වාදෙයි. අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි එම අදහස් පළකළහ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46