අවසන් පූර්ව වටයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදියා තීරණය වෙයි

ජාත්‍යන්තර මාස්ටර්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට එක් වීමට ඔස්ට්‍රෙලියා කණ්ඩායම ඊයේ (12) සමත් වුණා.

ඒ ප්‍රතිවාදී එංගලන්ත කණ්ඩායම කඩුලු 03කින් පරාජයට පත් කරමින්.

පළමු ව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම කඩුලු 03ක් දැවී පන්දුවාර 20 අවසන් කළේ ලකුණු 209ක් ලබා ගනිමින්.

එහිදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේ නොදැවුණු ලකුණු 69ක් ලබාගත් ටිම් ඇම්බ්‍රෝස්.

ඉයන් මෝර්ගන් ලකුණු 64 යි.

පිළිතුරු ඉනිම ලකුණු 210ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රෙලියා කණ්ඩායම කඩුලු 07ක් දැවී ජයග්‍රාහී සීමාව පසු කර ගියා.

නෙතන් රීඩන් ලකුණු 83ක් සහ ඩැනියල් ක්‍රිස්ටියන් ලකුණු 61ක් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී ටිම් බ්‍රෙස්නන් එංගලන්තය වෙනුවෙන් කඩුලු 05ක් බිඳ දැමුවා.

තරගයේ වීරයා ඔස්ට්‍රෙලියාවේ නෙතන් රීඩන්.

ඒ අනුව එම ජයග්‍රහණයත් සමග අද (13) දිනයේ දී ඔස්ට්‍රෙලියාව ඉන්දීය මාස්ටර්ස්වරුන්ට එරෙහිව අවසන් පූර්ව පළමු වටයට එක් වනු ඇති.

මාර්තු 14 වැනි දා පස්වරුවේ ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු අනුව ශ්‍රී ලංකා මාස්ටර්ස්වරුන් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව අවසන් පූර්ව තරගයට පිවිසෙනවා.

අවසන් පූර්ව තරග ද්විත්වයම පැවැත්වෙන්නේ ඉන්දියාවේ රායිපූර් හි දීයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59
Video thumbnail
කප්පරතොට වෙරළ තීරයෙන් හමුවූ මත්ද්‍රව්‍ය උර - හතර වටේටම STF එකෙන් බහියි
02:34
Video thumbnail
අත්අඩංගුවට ගැනීම් කරන්නේ ඔවුන්ගේ නොහැකියාව වහගන්න - ජනපති බොරු කියමින් රට වටේ යනවා
03:24
Video thumbnail
තිලීපන් සැමරුම නොදැක්කා වගේ හිටිය ජනපති පා ගමනට බාධා කරනවා - ජනපතිට පුළුවන්නේ සමාව දෙන්න
06:38
Video thumbnail
සජිත්, නිලධාරින්ගෙන් ප්‍රශ්න කරයි..පිළිතුරේ පරස්පරයක් තියෙනවා - ඇයි වසර දෙකක ප්‍රමාදයක් ?
19:12
Video thumbnail
එකම රාත්‍රිය තුළ පූජා ස්ථාන දෙකකට හොරු පැනලා සුද්දයක් දීලා - නිල සුනඛයින් දමා පරීක්ෂා කරන අයුරු
01:42
Video thumbnail
කවුරුත් බේබද්දෝ නෑ මෙතන - ඇල්ලේ කුණු මෙහෙට එපා..මහලොකු මන්ත්‍රී - ගම වෙනුවෙන් එක වචනයක් නෑ
09:47
Video thumbnail
තද සුළං සමඟ ගාල්ලට ඇඳහැලුණු මහ වැස්ස
01:22
Video thumbnail
"මන්ත්‍රීකෙනෙක් වෙලා දෙකයි පනහේ වැඩ කරන්න එපා" - මාලිමා මන්ත්‍රීට ගම්මුන්ගෙන් විරෝධයක්
09:44