ලොව පළමු කෘත්‍රීම හදවත් බද්ධ කිරීමට ලක් වූ පුද්ගලයා රෝහලෙන් පිටව යයි

පසුගිය නොවැම්බර් මාසයේ දී ලොව පළමු වරට කෘත්‍රීම හදවතක් බද්ධ කරමින් දින 100කට ආසන්න කාලයක් රෝහල්ගත ව ප්‍රතිකාර ලැබූ පුද්ගලයෙකු එම රෝහලෙන් මනා සෞඛ්‍යයෙන් යුතුව පිටව ගොස් තිබෙනවා.

‘ද ගාර්ඩියන්’ පුවත් වෙබ් අඩවිය සඳහන් කළේ මෙම හදවත් සැත්කමට භාජනය වී ඇත්තේ 40 හැවිරිදි වියෙහි පසු වූ පුද්ගලයෙකු බවයි.

ටයිටේනියම් යොදා ගනිමින් නිර්මාණය කර ඇති මෙම කෘත්‍රීම හදවත ඔස්ට්‍රෙලියානු වෛද්‍ය විද්‍යාඥයෙකු වන ඩැනියල් ටිම් විසින් සකසනු ලැබුවා.

මෙම විශිෂ්ට සැත්කම සිදු කර ඇත්තේ ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර රෝහලක වෛද්‍යවරු කණ්ඩායමක්.

හෘදයාබාධයකින් දීර්ඝ කාලයක සිට පෙළුණු මෙම රෝගියා හට සම්පූර්ණ ලෙස බාහිර ව නිර්මාණය කළ කෘත්‍රීම හදවතක් පළමු වරට බද්ධ කර ඇති අතර එලෙස බද්ධ කළ හදවතත් සමග සුව වී රෝහලකින් පිටව ගිය පළමු පුද්ගලයා ලෙසයි ඔහු ඉතිහාසගත වන්නේ.

ක්වීන්ස්ලන්තයේ උපන් මෙම අතිදක්ෂ වෛද්‍ය විද්‍යාඥයා වන ඩැනියෙල් ටිම්ස් විසින් මනුෂ්‍ය සංහතියේ පැවැත්ම උදෙසා සොයා ගන්නා ලද ‘බයිවකෝ’ (BiVACOR) ලෙසින් නම් කළ සම්පූර්ණ කෘත්‍රීම හදවත, මිනිස් හදවතක් සඳහා පූර්ණ ආදේශකයක් ලෙස ක්‍රියා කළ හැකි ලොව පළමු බද්ධ කළ හැකි භ්‍රමණ රුධිර පොම්ප උපකරණ ලෙස ද හැඳින්වෙනවා.

පරිත්‍යාගශීලීන්ගේ හදවත් ලැබෙන තෙක් මෙම කෘත්‍රීම හදවත් උපකරණය භාවිත කළ හැකි බවයි පැවසෙන්නේ.

එමෙන්ම මෙම සැත්කමට භාජනය වී වැඩිම කලක් ජීවත් ව සිටි පුද්ගලයා ලෙසට ද ඔස්ට්‍රෙලියානු ජාතිකයා ඉතිහාසගත වනවා.

තව ද ලොව පූර්ණ කෘත්‍රීම හදවතක් බද්ධ කළ ලොව සයවැනියා බවටත්, එම හදවතක් ලබාගත් පළමු ඔස්ට්‍රෙලියානු ජාතිකයා ලෙසටත් මෙම පුද්ගලයා ඉතිහාසගත වන බවයි වාර්තා වන්නේ.

මිනිස් නිරෝගී හදවතක ස්වාභාවික රුධිර ප්‍රවාහය අනුකරණය කිරීම සඳහා චුම්භක ලෙවිටේෂන් තාක්ෂණය භාවිතා කරන බව ද සිඩ්නි වෛද්‍ය කණ්ඩායම වැඩිදුරටත් පවසනවා.

  1. මිනිස් ඉතිහාසය අලුතින් ලියවිය.ලංකාවේ අපිට විතරක් ග්‍රහයින්ගේ අපල



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16