spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මිනිස් පරිභෝජනයට නුසුදුසු මුහුදු මාලු තොගයක් විනාශ කෙරේ (ඡායාරූප)

කැකිරාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී අධිශිතකරණ ක්‍රියාත්මක නොකොට අධිශිතකරණ සහිත ලොරියකින් ප්‍රවාහණය කර තිබූ මුහුදු මාළු තොගයක් හා ලොරි රථයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් කැකිරාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අත්අඩංගුවට තිබෙනවා.

බෙදාහරිමින් තිබූ මුහුදු මාළු තොගයේ වටිනාකම එක්ලක්ෂ විසි දහසක් පමණ වන අතර කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ලත් නියෝගයක් අනුව එම තොගය විනාශ කිරීමට ඊයේ (23) කැකිරාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කර තිබෙනවා.

කැකිරාව පොදු වෙළද සංකීර්ණය අසළදීයි එම මුහුදු මාළු තොගය විනාශ කළේ.

අදාළ ලොරි රථයේ අධී ශීතකරණ ක්‍රියාත්මක නොකර එම මුහුදු මාළු තොගය ප්‍රවාහණය කර ඇති බැවින් එම මාළු තොගය මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයක පැවැති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසා සිටියා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මැල්සිරිපුර පන්ලියද්ද ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

සැකකරුවන් කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමටත් අදාළ මාළු තොගය විනාශ කිරීමටත් නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?