මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර විකිණූ 13කට නීතිය සැරවෙයි

ප්ලාස්ටික් නිෂ්පාදන භාවිතයෙන් ආහාර සකස් කරන ආයතන සහ මිනිස් පරිභෝජනයට නුසුදුසු නිෂ්පාදන අලෙවි කරන ව්‍යාපාර සෞඛ්‍ය නිලධාරීන් විසින් පරීක්ෂා කර ව්‍යාපාරිකයින් 13 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු කියා සිටියේ මඩකලපුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් මාමන්ගම්, ඉරුදයපුරම් සහ කෝට්ටමුනේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසවල මහා පරිමාණ විශේෂ ආහාර පරීක්ෂාවක් සහ වැටලීමක් සිදු කළ බවයි.

ඊයේ (12) සවස වෙළෙඳ ආයතන 18ක සිදු කරන ලද වැටලීම් සහ සෝදිසි මෙහෙයුම්වල දී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර සොයාගැනුණා.

මෙම මෙහෙයුමේ දී ඉදිආප්ප වැනි ආහාර පිළියෙළ කිරීම සඳහා භාවිතා කරන ලද ප්ලාස්ටික් උපකරණ විශාල ප්‍රමාණයක් සහ මිනිස් පරිභෝජනයට නුසුදුසු කල් ඉකුත් වූ නිෂ්පාදන අත්අඩංගුවට ගෙන ඇති අතර, එම නිෂ්පාදන යොදා ගනිමින් ආහාර පිළියෙළ කර අලෙවි කළ වෙළෙන්දන්ට එරෙහිව නඩු පවරා තිබෙනවා.

මඩකලපුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එස්. මුරලීස්වරන්ගේ උපදෙස් පරිදි මඩකලපුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය උදයකුමාර් මහතාගේ මඟපෙන්වීම යටතේ මෙම සෝදිසි මෙහෙයුම් සිදු කෙරුණා.

අදාළ පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩ ඉවත් කරන්න කියලා දැන් ලියුම් ග#ලා..කඩ හැදුවොත් දඩ ගහලා කූඩුවේ දානවා
04:09
Video thumbnail
රටම බලා සිටි ජනාධිපති එක්ක නීතිඥවරුන්ගේ සාකච්ඡාව අවසන්
03:46
Video thumbnail
කෘෂිකර්ම ඇමති ඔයා ඉල්ලා අස් වෙන්න - කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:39
Video thumbnail
සුගීශ්වරගේ රෝගී තත්ත්වය ගැන කිව්වා - ඒත් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළා
01:28
Video thumbnail
ජනාධිපතිතුමා මැදිහත් වෙලා ගොවියන්ට සාධාරණයක් කරන්න
03:48
Video thumbnail
බුදු සරණයි සර්, පරිස්සමෙන් ඉන්න - ඔයාව වට්ටන්න බෑ
01:23
Video thumbnail
සජිත් ළඟට ගිහින් ධීවරයින් දුක කියයි - මෝ# පක්ෂයක් ඇවිත් අවු:2යි..කිරින්දම විනාශ කළා
11:18
Video thumbnail
අපි බියවෙලා ඉන්නේ - සාක්කි හදනවා, චෝදනා මවනවා
11:01
Video thumbnail
විපක්ෂය කියන ඒවා අපි ලොකුවට ගණන් ගන්නේ නෑ
04:56
Video thumbnail
ප්‍රසංග කලාවටත් තිත ? අපි සූදානම් නෑ මේ කතෘ භාගය ගෙවන්න..ගායකයා ඒක ගෙවන්න
05:09