මාරක අනතුරකින් එකම පවුලේ 07ක් මරුට – තවත් 14 දෙනෙකුට තුවාල

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි සිධි දිස්ත්‍රික්කයේ සිදු වූ රිය අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සිදුවීම අද (10) පෙරවරුවේ සිදු ව ඇත්තේ ට්‍රක් රථයක් සහ එකම පවුලේ සාමාජිකයින් රැගත් කුලී රථයක් එකිනෙක ගැටීමෙන්.

කුලී රථය මයිහාර් දෙසට යමින් සිටියදී, සිධි සිට බහ්රි දක්වා ට්‍රක්රථය ගමන් කරමින් සිටියදී මුහුණට මුහුණ ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් තවත් 14 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

සිධි – බහ්රි මාර්ගයේ උප්නි පෙට්‍රල් පොම්පය අසල දී මෙම අනතුර අලුයම 2.30ට පමණ සිදු වී ඇති බව නියෝජ්‍ය පොලිස් අධිකාරී ගයාත්‍රි තිවාරි ප්‍රකාශ කළා.

අනතුරින් මියගොස් ඇති පුද්ගලයින් හත්දෙනා ම එකම පවුලේ සාමාජිකයින් බවයි පැවසෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14