විවාහයෙන් පසු 14 හැවිරිදි දැරිය සැමියා විසින් බලහත්කාරයෙන් රැගෙන යන වීඩියෝව සමාජ මාධ්‍ය කළඹයි (වීඩියෝ)

බාල වයස්කාර දැරියක් ඇයගේ කැමැත්තකින් තොරව විවාහකරදීමෙන් පසු ඇයව විවාහ කරගත් පුද්ගලයා විසින් ඇයව බලහත්කාරයෙන් රැගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් ඉන්දියාව පුරා සංසරණය වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ අවුරුදු 14ක දැරියක් අවුරුදු 29ක තරුණයෙකුට මෙලෙස විවාහකර දී ඇති බවයි.

තමිල්නාඩුවේ තොට්ටමන්ජු කඳුකර ප්‍රදේශයේ කුඩා ගම්මානයක් වන තිම්මතූර් හි ජීවත්වන මෙම දැරියව ඇගේ පවුලේ අය විසින් පසුගිය 03 වනදා කර්ණාටාවේ, කාලිකුට්ටායි ප්‍රදේශයේ පදිංචි කම්කරුවෙකු වන මාදේශ් නැමැත්තාට විවාහාකර දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

දැරියගේ දැඩි විරෝධය මධ්‍යයේ මෙම විවාහ මංගල්‍යය පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

විවාහයෙන් පසුව දැරියව; ඇයව විවාහකාගත් පුද්ගලයාගේ නිවසට යෑම ප්‍රතික්ෂේපකර ඇති අතර, එම අවස්ථාවේ දැරියව බලහත්කාරයෙන් යෑමටයි ඔහු කටයුතු කර ඇත්තේ.

දැරිය ඊට විරෝධය පළකරමින් කෑගසන අතර වාරයේ ඇයව උස්සගෙන යෑමට අදාළ පුද්ගලයා කටයුතු කරන අයුරු ඉන්දියාව පුරා මේ වනවිට සංසරණයවන වීඩියෝවේ දැක්වෙනවා.

එම අවස්ථාවේ දී තවත් පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් දැරියගේ සැමියාට ඊට උදව්කරන ආකාරය ද එහි දැක්වෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දැරියගේ මිත්තණිය විසින් පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව දැරිය විවාහකරගත් පුද්ගලයා, ඔහුගේ සහෝදරයා, දැරියගේ මව්පියන් සහ තවත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

වයස අවුරුදු 18 ට අඩු කාන්තාවකගේ විවාහය ඉන්දියාව තුළ නීති විරෝධී වන අතර ලිංගික අපරාධවලින් දරුවන් ආරක්ෂා කිරීමේ පනත සහ ළමා විවාහ පනතේ යටතේ අත්අඩංගුවට ගැනුණු අයට එරෙහිව නඩු පවරා තිබෙනවා.

  1. ස්තුතියි මාධ්‍යයෙන් ම මේ ගැන ජනතාව දැනුම්වත් කිරීම ගැන

    ලංකාව එතරම්ම නරක නෑ මේ සම්බන්ධයෙන් බැලුවම ඒ උනත් අපේ උදවිය දැනුවත් කරල තියෙන එක ොකු දෙයක් මාධ්‍ය මගින්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15