හිරුණිකා දස වසරක විවාහ බන්ධනය ලිහයි

සමගි ජන බලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ විවාහය දෙදරා ගොස් තිබෙනවා.

ඇය ඊයේ (11) සිය ෆේස්බුක් ගිණුමෙහි ඒ සම්බන්ධයෙන් දීර්ඝ සටහනක් තබමින් තමන් විවාහ වී සිටි ප්‍රසිද්ධ කලා ශිල්පී හිරාන් යටෝවිටගෙන් වෙන් වීමට තීරණය කළ බවයි එහි දැක්වෙන්නේ.

ඇය දීර්ඝ වශයෙන් සඳහන් කර ඇත්තේ මෙවැන්නක්;

”බොහෝ කල්පනා කිරීමෙන් හා සිතීමෙන් පසුව, හිරාන් සහ මම අපගේ විවාහයෙන් වෙන් වීමට තීරණය කළෙමු, මෙම තීරණය ගනු ලැබුවේ අන්‍යෝන්‍ය ගෞරවය සහ අවබෝධයෙනි.

අපි වසර 10කට ආසන්න කාලයක් එකට ගත කර ඇත්තෙමු. අපි අපගේ සිහින ජීවිතය එකට නිර්මාණය කර ඇත්තෙමු. හවුල්කරුවන් ලෙස අපට අත්විඳිය හැකි ආදරයට අපි සැබවින්ම කෘතඥ වෙමු. අපි විවාහ වූ විට අපි සදහටම පොරොන්දු වූයේ නැත, මන්ද ජීවිතය අනපේක්ෂිත හැරීමක් ලබා ගත හැකි බව අපි තේරුම් ගත්තෙමු. ඒ වෙනුවට අපි සෑම දිනකම අපගේ හොඳම දේ දීමට කැපවී සිටියෙමු, ඒ වගේම අපි බොහෝ ප්‍රීතිමත් වසර ගණනාවක් ගත කළේ එලෙසයි.

අපි අපගේ මාවත වෙනස් වූ සන්ධිස්ථානයකට පැමිණියෙමු. එය සැහැල්ලුවෙන් ගත් තීරණයක් නොවේ, අපි මාස ගණනක් ඒ ගැන කල්පනා කළ නමුත් අවසානයේ එකිනෙකාට ස්වාධීනත්වය ලබාදීමට තීරණයකට පැමිණියෙමු. අපි බෙදා ගත් කාලය ගැන අපි කෘතඥ වෙමු. අපි එකිනෙකාට සුබ පතනවා.

ඔබගේ කරුණාව, ආදරය සහ අපගේ ගමනේ කොටසක් වීම ගැන ස්තුතියි!

හිරුණිකා සහ හිරාන්” යනුවෙන්.

හිටපු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හා හිරාන් යනු දරුවන් තිදෙනකුගේ මව්පියන් ද වනවා.

  1. මෙහෙම කියන්න හොද නෑ, ඒ උනාට හිරුනිකර් ආයේ ලමයි නම් හදන්න එපා, ඊට පස්ලසෙ ඒලමයින් නඩත්තුවක් තොපි මහජනතාවගේ සල්ලි වලට අරින්න එයි.අනික උඹේ කට කෙල්ලෙකුට ගැලපෙන්නේ නෑ, වාචාල කටක්නෙ තියෙන්නෙ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29