AFC Banner
Empty Ad
Empty Ad

ජෙට් ස්කි යාත්‍රා දෙකකින් සාමණේරනමක් බේරා ගැනෙයි

මොරගල්ල මුහුදේ දියනෑමට ගොස් රළපහරට හසුව ගසාගෙන යමින් සිටී සාමනේර නමක් බේරාගැනීමට කළුවාමෝදර සහ අලුත්ගම ජීවිත ආරක්ෂක තරුණයින් පිරිසක් සමත්ව තිබෙනවා.

මෙසේ දිවි ගලවාගෙන ඇත්තේ මහනුවර ප්‍රදේශයේ විහාරස්ථානයක වයස අවුරුදු 12 ක් පමණ වයසැති සාමනේර හිමිනමක් බව සදහන්.

උන් වහන්සේ තවත් සාමනේර කිහිපනමක් සමඟ මොරගල්ල මෝය ආසන්න මුහුදු වෙරලේ දියනාමින් සිටියදී රළ පහරට හසුව ගසාගෙන ගොස් තිබෙනවා.

සිද්ධිය අලුත්ගම සහ කළුවාමෝදර ජල ක්‍රීඩා සංගමයකට සැලවීමත් සමගින් ජෙට් ස්කි යාත්‍රා දෙකක් උපයෝගී කරගෙන මොරගල්ල මෝය දක්වා ගමන් කර රළ පහරට හසුව සිටී හිමිනම බේරාගෙන ගොඩබිමට රැගෙන විත් තිබෙනවා.

අළුත්ගම දියාකාවා සහ කළුවාමෝදර අරලිය ජල ක්‍රීඩා අංශයේ නිරෝෂන් ප්‍රනාන්දු , චින්තක සිල්වා සහ තුසිත උදයනාත් යන අයයි සාමනේර හිමිගේ ජීවිතය බේරාගෙන ඇත්තේ.

මේ පිළිබඳ අදහස් දැක්වූ නිරෝෂන් ප්‍රනාන්දු මහතා, සිද්ධිය දැනගත් වහාම අපි ජෙට් ස්කි යාත්‍රා දෙකකින් මුහුද මැද පිහිටි ස්ථානයට ළාගවුනා. සාමනේර හිමි රළ පහරට හසුව ගල් පරයේ වැදි වැදී හිටියේ. අපි තුන් දෙනා උන් වහන්සේට ජෙට් ස්කි යාත්‍රාවට නංවාගෙන ගොඩට ගෙනාවා යනුවෙන් පැවසීය .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?