AFC Banner
Empty Ad
Empty Ad

ගුරු අභ්‍යාස විද්‍යාලය තුළ කසිප්පු පෙරළා

වේයන්ගොඩ සියනෑ අධ්‍යාපන විද්‍යාපීඨය පරිශ්‍රය තුළ පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් අද (11) පස්වරුවේ ගම්පහ මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් වටලා එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සියනෑ අධ්‍යාපන විද්‍යා පීඨයේ ජලනල කාර්මිකයකු බව පොලිසිය පවසන අතර එම සැකකරුගේ බිරිඳ සියනෑ ගුරු අභ්‍යාස විද්‍යාපීඨයේ සුළු සේවිකාවක් ලෙස සේවය කරන තැනැත්තියක බවත් ඇයද අධ්‍යාපන විද්‍යාපීඨය ට අයත් වෙනත් නේවාසිකාගාරයක නේවාසිකව සිටින තැනැත්තියක් වූ බවත් විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

මෙම වැටලීම සිදු කළ අවස්ථාවේ එම ස්ථානයේ සිටි සැකකාර පුද්ගලයකු පොලිසිය විසින් පරික්ෂා කළ අතර ඔහු සන්තකයේ තිබී කන්සා ග්‍රෑම් 2 ක් සොයා ගැනුනු අතර එම සැකකරු ද එහි දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සියනෑ ගුරු අභ්‍යාස විද්‍යා පීඨයේ කම්කරු සේවකයෙකු වේ.

ගම්පහ මූලස්ථාන පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ මෙම වැටලීමේදී පිරිමි නේවාසිකාගාර ගොඩනැඟිල්ලෙහි පිහිටි ගබඩා කාමරයේ සහ සේවක නේවාසිකාගාරයක් තුළ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කර ඇති බවට අනාවරණය වී ඇත.

මත්පැන් නිෂ්පාදනය සඳහා යොදාගත් සේවක නේවාසිකාගාරය පීඨාධිපති වරයාගේ නිල නිවස්නය ආසන්නයේම පිහිටා තිබිණ.

මෙම අධ්‍යාපන විද්‍යාපීඨ පරිශ්‍රය තුළ කසිප්පු නිෂ්පාදනයට අමතරව එම කසිප්පු භාවිතා කර ගල් අරක්කු වලට සමාන අරක්කු වර්ගයක් ද නිෂ්පාදනය කර ඇති බවත් එළඹෙන අලුත් අවුරුදු උත්සව සමයේ දී මේවා අලෙවි කිරීමට සැලසුම් කර තිබූ බවත් විමර්ශනවලින් හෙළි වී ඇත.

මෙම වැටලීමේදී ගොඩා මිලිලීටර 900000 (ලක්ෂ නවයක්), මිලි ලීටර් 750 බැගින් කසිප්පු බෝතල් පහක් ඇතුළු පෙරීමට යොදා ගන්නා උපකරණ කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?