spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොටුව පොලීසියට අධිකරණයෙන් නියෝගයක්

පසුගිය 09 වනදා අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරයට ඇතුළුවූ අවස්ථාවේ දී ඒ තුළ තිබී රුපියල් එක්කෝටි හැත්තඅට ලක්ෂ පනස්දහසක මුදලක් සොයා ගත් අතර අරගලකරුවන් විසින් ඒවා පොලීසියට භාරදී තිබූණා.

එම මුදල් වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අද පොලිසියට (28) නියෝග කෙරුණා. අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා කොටුව පොලීසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේ එම මුදල් වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

මෙම මුදල් භාරදී සති තුනක් ගතවී තිබුණද ඒ සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරයා එම මුදල් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස නියෝග කෙරුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
44
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?