ඔබේ දරුවාටත් මේ රෝග ලක්ෂණ තිබෙනවාද? මාරාන්තික විය හැකියි

දරුවකුට දින තුනකට වඩා උණ තිබේනම් හැකි ඉක්මණින් වෛද්‍යවරයකු හමුවිය යුතු යැයි කොළඹ රිජ්වේ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

ඩෙංගු සහ කොවිඩ් යන රෝග දෙකේම පොදු ලක්ෂණය වන්නේ උණ වැළඳීම වන අතර වයිරස් උණ රෝගය නිසාද උණ ගතියක් ඇති වියට හැකි බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ. 

මේ දිනවල පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් වයිරස් උණ රෝගයක් දරුවන්ට වැළඳීමට ඉඩ ඇති අතර ඊට අමතරව ඩෙංගු උණ රෝගය වැළඳිය හැකි බව ද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළා.

මාරාන්තික විය හැකියි

ඩෙංගු රෝගය මාරාන්තික බැවින් ඩෙංගු වැළදුන හොත් ඩෙංගු රක්තපාත උණ, ඩෙංගු කම්පන තත්වයන්ට දරුවෙකු භාජනය විය හැකි බවත් එම තත්වයන්ට යනතුරු නිවසේ රැදී සිටියහොත් එය මාරාන්තික විය හැකි බවයි හෙතෙම සඳහන් කළේ.

ඒ අනුව සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් සිදුකොට රුධිර පට්ටිකා හෝ සුදු රුධිරානු හෝ අඩුවී තිබෙනවානම් වෛරස් උණක් විය හැකි බව ද වෛද්‍යවරයා ප්‍රකාශ කළා.

මේවන විට බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් මැස්සන්ගේ බෝවිම නිසා ආහාර මාර්ගයේ රෝගී තත්වයන්ට මුහුණ දිය හැකි පාචනය, අතීසාරය වැනි රෝගත් වැළදීමේ ඉඩ කඩක් තිබෙන බවද ඔහු කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.26
00:00
Video thumbnail
ට්‍රීට්මන්ට් ගන්න ආ කොල්ලා වීඩියෝ කළා කියලා SPA අක්කට යකා නගියි - මූ තියෙනවා කැමරාව මට තේරුණා
01:15
Video thumbnail
දයාසිරි කුපිත වී යකා නටයි - ඩෙංගුවලින් අද රට ඉවරෙටම ඉවරයි..ඇමතිත් නෑ නියෝජ්‍ය ඇමතිත් නෑ..
02:12
Video thumbnail
චරිත් සහ විජයදාසගේ පුතා ගැන ආනන්ද විජේපාල කට අරියි - අල්ලස් ගැනීම බරපතළ ක්‍රියාවක්
04:42
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට හොඳම එකෙන් කියද්දි දිලිත්ටත් හොඳටම හිනා - වටේ යන්නේ නෑ.. වටේ යන්න වෙනවා මේවට
06:17
Video thumbnail
අජිත් - හර්ෂණ පාර්ලිමේන්තුවේ ගැටෙයි - ඇයි මෙච්චර පරක්කු - මොකක්ද තියෙන ප්‍රගතිය
07:30
Video thumbnail
සජිත් උදෙන්ම පාර්ලිමේන්තුව දෙවනත් කරයි - බොරු කියන්න එපා මොනවද මේ..හොඳට කියවන්න
03:35
Video thumbnail
පොසොන් පොහොය නිමිත්තෙන් දෙන දන්සල්වලට නව නීති මාලාවක් - ෂොපින්, ප්ලාස්ටික් කෝප්ප තහනම් කරයි
05:03
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කිරීමේදී උණුසුම් තත්ත්වයක් - අම්මටහුඩු ඩෙංගු තවාන් දාලා වගේ..පැත්තටම ඇති මේක
14:24
Video thumbnail
මීට සුළු මොහොතකට පෙර සිදුවූ බිහිසුණු අනතුර මෙන්න - පෞද්ගලික බස් රථ 2ක් එකිනෙක ගැටී 12ක් රෝහලේ
00:33