කොළඹ දිසා අධිකරණයට විද්‍යුත් නඩු ගොනු කිරීමේ පහසුකම

ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රය ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, කොළඹ දිසා අධිකරණය වෙත විද්‍යුත් නඩු ගොනු කිරීමේ (e-Filing) පහසුකම අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නිල වශයෙන් හඳුන්වා දී තිබෙනවා.

අධිකරණ සේවා කොමිෂන් සභාව යටතේ ක්‍රියාත්මක වන “e-Courts” ව්‍යාපෘතිය මගින් සාම්ප්‍රදායික කඩදාසි නඩු ගොනු මත පදනම් වූ ක්‍රියාවලිය, නාවීන හා කාර්යක්ෂම ඩිජිටල් තාක්ෂණයෙන් සවර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.

අග්‍රවිනිශ්චයකාර ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සෘජු මගපෙන්වීම හා අධීක්ෂණය යටතේ මෙම පද්ධතිය සංවර්ධනය කර ඇති අතර, මෙහි තාක්ෂණික කටයුතු ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් සිදු කර තිබෙනවා.

මේ අතර, කොළඹ සුළු හිමිකම් අධිකරණයට අදාළව ප්‍රථම විද්‍යුත් නඩු ගොනුව, නීතිඥ ගුණවර්ධන විසින් ඉදිරිපත් කරනු ලැබුවා.

මේ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ ලියාපදිංචි සියලුම නීතිඥවරුන්ට කොළඹ දිසා අධිකරණයේ නිල වෙබ් අඩවිය (https://colombo.districtcourt.lk/) හරහා තම පරිශීලක ගිණුමට ප්‍රවේශ වී මෙම පහසුකම භාවිත කිරීමේ හැකියාව පවතිනවා.

අද (23) දින, අග්‍රවිනිශ්චයකාරතුමා කොළඹ සුළු හිමිකම් අධිකරණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් මෙම විද්‍යුත් නඩු ගොනු කිරීමේ කටයුතු නිරීක්ෂණය කළ අතර, එම අවස්ථාවට අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා, දිසා අධිකරණ විනිසුරුවරුන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාතිවාදී පිල්ලිවලට අඟලකින්වත් උඩට එන්න ඉඩ දෙන්නේ නෑ
02:49
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නේ නැතුව කාන්තාවෝ අල්ලගනී
03:58
Video thumbnail
හරියට පරීක්ෂණය කළොත් කවුරුත් ඉතුරු වෙන්නේ නෑ
01:32
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:13:35
Video thumbnail
ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු ආපසු හකුලා ගන්නේ නෑ - ජනාධිපති සැරටම කියයි
03:19
Video thumbnail
සමන්තට සහෝදරිය කියලා අමතලා අගමැතිතුමිය වැරැද්ද නිවැරදි කරපු හැටි
00:53
Video thumbnail
ජනාධිපතිතුමා ගැම්මෙන් බදුල්ල කාන්තා සමුළුව අමතන්න එයි
01:38
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා, ආදර්ශමත් රාජ්‍ය පාලනයක් කරනවා
01:52
Video thumbnail
මුහුණ වහගෙන ආපු මනුස්සයෙක් නිසා සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
02:10
Video thumbnail
අගමැතිනිගේ අවදානය දිනාගත් මුස්ලිම් තරුණියකගේ සුපිරි කතාව
06:47