රිදී විහාරය සංචාරක ගමනාන්තයක් පත් කිරීමේ සැලසුම ගැන සාකච්ඡාවක්

ඓතිහාසික කුරුණෑගල රිදී විහාරය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමේ යෝජනාව පිළිබඳ මූලික සාකච්ඡාවක් කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් අද (23) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ සංචාරක ආකර්ෂණය දිනා ඇති රිදී විහාරය කේන්ද්‍ර කරගනිමින්, එහි පෞරාණික අනන්‍යතාවය හා ඒ ආශ්‍රිත පාරිසරක පද්ධතිය සුරැකෙන පරිදි විධිමත් ‍ සංවර්ධන සැලසුම් සකස් කර ‍සංචාරක ආකර්ෂණය තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

මේ අනුව අදාළ පාර්ශ්ව සම්බන්ධ කර ගනිමින් කෙටි කාලයක් තුල සැලසුම් සකස් කර ඉදිරි සංවර්ධන කටයුතු ආරම්භ කිරීමටද මෙහිදී තීරණය වුණා.

රිදී විහාරයේ භාරකාර විහාරාධිපති පූජ්‍ය තිබ්බටුවාවේ බුද්ධරක්ඛිත නාහිමි, පූජ්‍ය රිදීගම වනරතන හිමි ප්‍රධාන, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. එම්. අස්ලම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති සුරංජිත් වෑවිට, විදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක අංශයේ අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) එච්. පී. සෝමතිලක, නියෝජ්‍ය සභාපති – SLAITO නිලාන් වික්‍රමසිංහ, රිදී විහාරස්ථ තරුණ බෞද්ධ සංගමයේ සභාපති උපාලි අනුර පල්ලෙමුල්ල, මහාචාර්ය ඩබ්ලිව්.කේ.සී.ඥානපාල, මහාචාර්ය මොහම්මදු හලිම් මොහම්දු අස්ලම් , රිදීගම ප්‍රාදේශීය ලේකම් කුෂාන් ධනංජය වික්‍රමසූරිය, වයඹ සංචාරක අධිකාරියේ අධ්‍යක්ෂ ඒ.නාලක සිසිර කුමාර ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා .

ජනාධිපති මාධ්‍ය අංශය
2026-09-23



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:13:35
Video thumbnail
ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු ආපසු හකුලා ගන්නේ නෑ - ජනාධිපති සැරටම කියයි
03:19
Video thumbnail
සමන්තට සහෝදරිය කියලා අමතලා අගමැතිතුමිය වැරැද්ද නිවැරදි කරපු හැටි
00:53
Video thumbnail
ජනාධිපතිතුමා ගැම්මෙන් බදුල්ල කාන්තා සමුළුව අමතන්න එයි
01:38
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා, ආදර්ශමත් රාජ්‍ය පාලනයක් කරනවා
01:52
Video thumbnail
මුහුණ වහගෙන ආපු මනුස්සයෙක් නිසා සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
02:10
Video thumbnail
අගමැතිනිගේ අවදානය දිනාගත් මුස්ලිම් තරුණියකගේ සුපිරි කතාව
06:47
Video thumbnail
බදුල්ලේ මාලිමා කාන්තාවන් එක මිටට කාන්තා සමුළුවට ආ හැටි
01:55
Video thumbnail
බදුල්ලට ගිය අගමැතිනිව කාන්තාවන් බදාගෙන ආදරයෙන් පිළිගනී
00:48
Video thumbnail
කාවන්තිස්සව අවුරුදු 45ක් තියාගත්ත එකම ලොකු දෙයක්
03:16