මොරටුව, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නකින් සිව්දෙනෙකුට තුවාල – අයෙක් ජීවිතක්ෂයට

මොරටුව, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ පහළ මහලේ නිවසක අද (23) පස්වරු 6.30ට පමණ ඇති වූ ගින්නකින් එම නිවසේ සිටි පුද්ගලයන් සිව්දෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර තිබුණා.

පොලිසිය සඳහන් කළේ, පිරිස කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු, අසාධ්‍ය තත්ත්ව්ව්හයේ පසු වූ අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මොරටුව ගිනි නිවන ඒකකය මේ වනවිට ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න ඇති වූ බවට් පොලිසිය සැකකරනවා.