හෘද සාක්ෂියට එකඟව 22කට ඡන්දය පාවිච්චි කරන්න ඉඩ දෙන්න – නීතිඥ සංගමය සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති පසුබිමක, ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තම හෘද සාක්ෂියට එකඟව අදහස් ප්‍රකාශ කිරීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට නිදහස ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා සහ ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් මෙම ඉල්ලීම කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්යභාරය වන්නේ පනතක් සම්මත කිරීමට අවශ්‍ය ව්‍යවස්ථාපිත බහුතරය සහ ජනමත විචාරණයක් අවශ්‍යද යන්න තීරණය කිරීම පමණක් බවත්, මෙය සංශෝධනයේ උචිත භාවය පිළිබඳ තීන්දුවක් නොවන බවත් එම සංගමය අදාළ නිවේදනය මඟින් පෙන්වා දෙනවා.

ඒ අනුව විනිවිදභාවයකින් තොරව හඳුන්වා දුන් මෙම සංශෝධනයේ ප්‍රතිවිපාක සහ වෘත්තීය සංවිධාන 40කට අධික සංඛ්‍යාවක් දක්වා ඇති අදහස් කෙරෙහි අවධානය යොමුකර, ස්වෛරී ජනතාව වෙනුවෙන් ප්‍රතිපත්තිගරුක තීරණයක් ගැනීමේ වගකීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමිවන බවයි එම නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.

එමෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීමට කැඳවනු ලබන අවස්ථාවේදී, තම ව්‍යවස්ථාමය වගකීම, ජනතාවගේ නියෝජිතයන් වශයෙන් තමන්ට පැවරී ඇති වගකීම සහ, වඩාත්ම වැදගත් ලෙස, ශ්‍රී ලංකාවේ ස්වෛරී ජනතාව වෙත තමන්ට පැවරී ඇති යුතුකම පිළිබඳව නිසි සැලකිල්ලක් දක්වමින්, තම හෘදය සාක්ෂියට අනුව ප්‍රතිපත්තිගරුක ස්ථාවරයක් ගැනීමේ වගකීම දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත පැවරී ඇති බව එම නිවේදනය මඟින් දක්වා තිබෙනවා.

නීතිඥ සංගමය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙතැනින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:13:35
Video thumbnail
ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු ආපසු හකුලා ගන්නේ නෑ - ජනාධිපති සැරටම කියයි
03:19
Video thumbnail
සමන්තට සහෝදරිය කියලා අමතලා අගමැතිතුමිය වැරැද්ද නිවැරදි කරපු හැටි
00:53
Video thumbnail
ජනාධිපතිතුමා ගැම්මෙන් බදුල්ල කාන්තා සමුළුව අමතන්න එයි
01:38
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා, ආදර්ශමත් රාජ්‍ය පාලනයක් කරනවා
01:52
Video thumbnail
මුහුණ වහගෙන ආපු මනුස්සයෙක් නිසා සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
02:10
Video thumbnail
අගමැතිනිගේ අවදානය දිනාගත් මුස්ලිම් තරුණියකගේ සුපිරි කතාව
06:47
Video thumbnail
බදුල්ලේ මාලිමා කාන්තාවන් එක මිටට කාන්තා සමුළුවට ආ හැටි
01:55
Video thumbnail
බදුල්ලට ගිය අගමැතිනිව කාන්තාවන් බදාගෙන ආදරයෙන් පිළිගනී
00:48
Video thumbnail
කාවන්තිස්සව අවුරුදු 45ක් තියාගත්ත එකම ලොකු දෙයක්
03:16