AFC Banner
Empty Ad
Empty Ad

එක්ස්ප්‍රස් පර්ල් 4 වන අධියරේ වන්දි මුදල් බෙදාදීම ඇරඹෙයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හානියෙන් විපතට පත් ධීවර කාර්මිකයන් සදහා 4වන අදියරේ වන්දි මුදල් ලබාදීම ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දාගේ ප්‍රධානත්වයෙන් අද ධීවර අමාත්‍යාංශයේදී සිදු කෙරුණා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුර හේතුවෙන් පනවන ලද ධීවර තහනම් කළාපය හමුවේ ජීවිකාව අහිමි වූ ධීවරයන් පහළොස්දහසක පමණ පිරිසක් හා ධීවර කර්මාන්තය ආශ්‍රිත රැකියාවල නිරතවන පන්දහසකට ආසන්න පිරිසක් නියෝජනය වන පරිදි, තෝරාගත් ධීවරයන් හා ධීවර කර්මාන්තයේ නිරතවන්නන්ගේ 30 දෙනෙකුගේ පමණ දැල් සිදු වූ හානි වෙනුවෙන් මෙහිදී සංකේතාත්මකව වන්දි චෙක්පත් බෙදා දෙනු ලැබුවා.

සෙසු සියලු වන්දිලාභීන්ට ඔවුන් ජීවත්වන ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා වන්දි ලබාදීමට කටයුතු කරනු ඇති.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සාගර පරිසරයට එක්වූ විවිධ ද්‍රව්‍ය හේතුවෙන් දැල් ආම්පන්නවලට හානි සිදුවූ ධීවරයන් 20 දෙනෙකුට පමණ ඔවුන්ට සිදුවූ අලාභය සඳහා නැවේ රක්ෂණ ආයතනය වෙතින් ලද වන්දි මුදල් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු කෙරුණා.

මේ වනවිට ධීවර ක්ෂේත්‍රයේ වන්දි ප්‍රදානය වෙනුවෙන් නෞකාවේ රක්ෂණ ආයතනය විසින් රුපියල් මිලියන 3068 (කෝටි 300කට අධික) පමණ මුදලක් ලැබී ඇති අතර පළමු වට තුනේදී ලැබුණු රුපියල් මිලියන 1463 (කෝටි 146) ක පමණ මුදලක් ජීවිකාව අහිමි වූ ධීවරයන් වෙත මේ වන විට ද බෙදා දී අවසන්.

4 වන වටයේ වන්දි ගෙවීම සඳහා නෞකාවේ රක්ෂණ ආයතනය වෙතින් ශ්‍රී ලංකා රජය වෙත රුපියල් මිලියන 1605 (කෝටි 160. 5) ක පමණ මුදලක් ලැබී ඇති අතර එම වටය අවසන් වනවිට ජීවිකාව අහිමි වූ එක් ධීවරයෙකුට තම රැකියා කාණ්ඩය අනුව රුපියල් 112,500 සිට රුපියල් 295, 000 දක්වා වන මුදලක වන්දියක් හිමි වනු ඇති.

දින 22ක් පමණක් ධීවර තහනම පැවති මීගමුව කලපුව ආශ්‍රිතව ධීවර කටයුතුවල නියලෙන ධීවරයන්ට පවා අවම වශයෙන් රුපියල් 45,000ක පමණ වන්දි මුදලක් හිමිව තිබෙනවා.

ධීවර කර්මාන්තය ආශ්‍රිත වක්‍ර රැකියාවල නිරතවන මත්ස්‍ය අලෙවිකරුවන්, කරවල නිෂ්පාදකයන්, දැල් ආම්පන්න අලෙවිකරුවන්, බෝට්ටු අලුත්වැඩියාකරන්නන් වැනි පුද්ගලයන්ට ද ධීවර තහනම හේතුවෙන් සිදුවූ අලාභය සඳහා ඔවුන්ගේ රැකියා කාණ්ඩය අනුව රුපියල් 22,500 සිට රුපියල් 336,000 දක්වා වන වන්දි මුදලක් හිමිව ඇතැයි සඳහන්.

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර හේතුවෙන් ධීවරයන්ට සිදුවූ සෘජු හානි සම්බන්ධ සොයා බැලීමට ධීවර අමාත්‍යංශය මගින් පත් කළ කමිටුව විසින් සකස් කළ වාර්තා හා වන්දි ඉල්ලීම් 06ක් ධීවර අමාත්‍යංශය විසින් නෞකාවේ රක්ෂණ ආයතනය වෙත මීට පෙර ඉදිරිපත් කර තිබෙනවා.

එහි මුල්ම වාර්තාව අනතුර සිදුවී සති දෙකක කාලයක් තුළ ඉදිරිපත් කරන ලද අතර 06 වන වාර්තාව 2022 වසරේ ජූලි මාසයේදී යි ඉදිරිපත් කරනු ලැබුවේ.

මෙම කමිටුව විසින් සකස් කරන ලද අවසන් වාර්තාව කමිටුවේ සභාපති ධීවර අමාත්‍යංශයේ අතිරේක ලේකම් ධම්මික රණතුංග හා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත යන මහත්වරුන් විසින් ධීවර අමාත්‍යවරයා වෙත පිළිගැන්වීම ද මෙම අවස්ථාවේදී සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ වගේ Media Show දාලා ජනාධිපතිගේ කාරුණික දැක්ම මිනිසුන් අතර වෛරයක් බවට පත්කරන්නේ දූෂිත නිලධාරීන්
06:30
Video thumbnail
සජිත්ගේ රෙදි ඉල්ලේ..ඕන් ලන් කරගත්ත මැරයෝ... -පක්ෂෙන් එළියට බැහැපු අය කට අරී
06:08
Video thumbnail
ගහපු කතිරෙ පතබෑවෙන්නම දීලා තියෙනවා - 60ක් ගෙදර #npp #akd #anurakumaradissanayake
02:20
Video thumbnail
අනුරගේ මූණ බලන්න - දැන් බයවෙලා ඉන්නේ #anurakumaradissanayake
04:11
Video thumbnail
නීතිඥ නාමල් රාජපක්ෂගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් - වැඩබලන පොලිස්පතිගෙත් රෙදි ලෙෆ්ට්
07:41
Video thumbnail
ඇත්තටම ලැජ්ජයි - හොඳ වෙලාවට ඇමරිකන් ආණ්ඩුව මේ අනතුර ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කළේ #arugambe
02:09
Video thumbnail
ඔබේ ආදරය කාලයක් පවත්වා ගන්නේ කොහොමද?
05:04
Video thumbnail
ගම්මන්පිලගේ වාර්තාව ගැන ලක් අම්මා කට අරී - හොඳටම තදවෙයි
03:21
Video thumbnail
සජිත් ළඟ හිටපු ප්‍රබලයෙක් දමිතා ගිය පක්ෂයට එක්වෙයි
11:22
Video thumbnail
මෙහෙමත් තීන්දු - අනතුරක් වුණාම තේරෙයි
01:48

?