පොකුණකට ඇද වැටී කුඩා දරුවෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට

වාද්දූව, තල්පිටිය ප්‍රදේශයේ නිවසක තිබූ පොකුණකට ඇද වැටී කුඩා දරුවෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (19) පෙරවරුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුද්දයි මාස 06ක් වයසැති දරුවෙක් බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුව අවස්ථාවේ දී දරුවාගේ මව සහ පියා නිවසේ සිට ඇති බවට අනාවරණය වූ බවයි වාද්දූව පොලිසිය සඳහන් කළේ.

එළිමහනේ රැඳී සිට ඇති දරුවා දක්නට නොලැබුණු බැවින් ඒ පිළිබඳව සිදුකළ සොයාබැලීමේ දී දරුවා ජල පොකුණට වැටී සිටිය දී සොයාගෙන තිබෙනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ දරුවාට වයස අවුරුදු 12 සහ 13 යන වයස්වල පසුවන සහෝදරයින් දෙදෙනෙක් ද සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43