එක්ස්ප්‍රස් පර්ල් 4 වන අධියරේ වන්දි මුදල් බෙදාදීම ඇරඹෙයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හානියෙන් විපතට පත් ධීවර කාර්මිකයන් සදහා 4වන අදියරේ වන්දි මුදල් ලබාදීම ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දාගේ ප්‍රධානත්වයෙන් අද ධීවර අමාත්‍යාංශයේදී සිදු කෙරුණා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුර හේතුවෙන් පනවන ලද ධීවර තහනම් කළාපය හමුවේ ජීවිකාව අහිමි වූ ධීවරයන් පහළොස්දහසක පමණ පිරිසක් හා ධීවර කර්මාන්තය ආශ්‍රිත රැකියාවල නිරතවන පන්දහසකට ආසන්න පිරිසක් නියෝජනය වන පරිදි, තෝරාගත් ධීවරයන් හා ධීවර කර්මාන්තයේ නිරතවන්නන්ගේ 30 දෙනෙකුගේ පමණ දැල් සිදු වූ හානි වෙනුවෙන් මෙහිදී සංකේතාත්මකව වන්දි චෙක්පත් බෙදා දෙනු ලැබුවා.

සෙසු සියලු වන්දිලාභීන්ට ඔවුන් ජීවත්වන ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා වන්දි ලබාදීමට කටයුතු කරනු ඇති.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සාගර පරිසරයට එක්වූ විවිධ ද්‍රව්‍ය හේතුවෙන් දැල් ආම්පන්නවලට හානි සිදුවූ ධීවරයන් 20 දෙනෙකුට පමණ ඔවුන්ට සිදුවූ අලාභය සඳහා නැවේ රක්ෂණ ආයතනය වෙතින් ලද වන්දි මුදල් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු කෙරුණා.

මේ වනවිට ධීවර ක්ෂේත්‍රයේ වන්දි ප්‍රදානය වෙනුවෙන් නෞකාවේ රක්ෂණ ආයතනය විසින් රුපියල් මිලියන 3068 (කෝටි 300කට අධික) පමණ මුදලක් ලැබී ඇති අතර පළමු වට තුනේදී ලැබුණු රුපියල් මිලියන 1463 (කෝටි 146) ක පමණ මුදලක් ජීවිකාව අහිමි වූ ධීවරයන් වෙත මේ වන විට ද බෙදා දී අවසන්.

4 වන වටයේ වන්දි ගෙවීම සඳහා නෞකාවේ රක්ෂණ ආයතනය වෙතින් ශ්‍රී ලංකා රජය වෙත රුපියල් මිලියන 1605 (කෝටි 160. 5) ක පමණ මුදලක් ලැබී ඇති අතර එම වටය අවසන් වනවිට ජීවිකාව අහිමි වූ එක් ධීවරයෙකුට තම රැකියා කාණ්ඩය අනුව රුපියල් 112,500 සිට රුපියල් 295, 000 දක්වා වන මුදලක වන්දියක් හිමි වනු ඇති.

දින 22ක් පමණක් ධීවර තහනම පැවති මීගමුව කලපුව ආශ්‍රිතව ධීවර කටයුතුවල නියලෙන ධීවරයන්ට පවා අවම වශයෙන් රුපියල් 45,000ක පමණ වන්දි මුදලක් හිමිව තිබෙනවා.

ධීවර කර්මාන්තය ආශ්‍රිත වක්‍ර රැකියාවල නිරතවන මත්ස්‍ය අලෙවිකරුවන්, කරවල නිෂ්පාදකයන්, දැල් ආම්පන්න අලෙවිකරුවන්, බෝට්ටු අලුත්වැඩියාකරන්නන් වැනි පුද්ගලයන්ට ද ධීවර තහනම හේතුවෙන් සිදුවූ අලාභය සඳහා ඔවුන්ගේ රැකියා කාණ්ඩය අනුව රුපියල් 22,500 සිට රුපියල් 336,000 දක්වා වන වන්දි මුදලක් හිමිව ඇතැයි සඳහන්.

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර හේතුවෙන් ධීවරයන්ට සිදුවූ සෘජු හානි සම්බන්ධ සොයා බැලීමට ධීවර අමාත්‍යංශය මගින් පත් කළ කමිටුව විසින් සකස් කළ වාර්තා හා වන්දි ඉල්ලීම් 06ක් ධීවර අමාත්‍යංශය විසින් නෞකාවේ රක්ෂණ ආයතනය වෙත මීට පෙර ඉදිරිපත් කර තිබෙනවා.

එහි මුල්ම වාර්තාව අනතුර සිදුවී සති දෙකක කාලයක් තුළ ඉදිරිපත් කරන ලද අතර 06 වන වාර්තාව 2022 වසරේ ජූලි මාසයේදී යි ඉදිරිපත් කරනු ලැබුවේ.

මෙම කමිටුව විසින් සකස් කරන ලද අවසන් වාර්තාව කමිටුවේ සභාපති ධීවර අමාත්‍යංශයේ අතිරේක ලේකම් ධම්මික රණතුංග හා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත යන මහත්වරුන් විසින් ධීවර අමාත්‍යවරයා වෙත පිළිගැන්වීම ද මෙම අවස්ථාවේදී සිදු කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51