බමන මතින් බසයක් පැදවූ ගෙදර ගිය ලංගම රියදුරා අත්අඩංගුවට

බීමතින් බස් රථයක් ධාවන කළ ලංගම රියදුරෙක් වරකාපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජා-ඇල ලංගම ඩිපෝවට අනියුක්තව සේවය කරන රියදුරෙක්.

අද (13) උදෑසන ජා-ඇල සිට මහනුවර බලා ධාවනය වූ; ජා-ඇල ඩිපෝවට අයත් බස් රථයේ එම ඩිපෝවට අනියුක්තව සේවය කරන තවත් බස් රථ රියදුරෙක් නිවාඩුවට තමන් නිවස බලා ගමන් කර තිබෙනවා.

එම රියදුරා විසින් බස් රථය ගමන් ගන්නා අතර වාරයේ බසය ධාවනය කළ රියදුරාට පවසා ඇත්තේ බසය වේගයෙන් ධාවනය කරන ලෙසයි.

එම අවස්ථාවේ දී බසය ධාවනය කළ රියදුරා වේවැල්දෙණිය ප්‍රදේශයේ දී රථය නවතා බස් රථයේ පැමිණි රියදුරාට බසය ධාවනය කිරීමට භාර දී තිබෙනවා.

එම අවස්ථාවේ බසය ධාවනය කිරීම භාරගත් අදාළ රියදුරා මාර්ග නීති උල්ලංඝනය කරමින් අධික වේගයෙන් රථය ධාවනය කර ඇති බව සඳහන්.

එහිදී බස් රථය දුම්මලදෙනිය ප්‍රදේශයේ දී නවත්වන ලෙසට පොලිස් රථවාහන නිලධාරීන් දැනුම්දී ඇති නමුත් එය නොනවත්වා ධාවනය කිරීමටයි රියදුරා කටයුතු කර ඇත්තේ.

නොනවත්වා ධාවනය කළ බස් රථය පසුපස හඹා ආ පොලිස් නිලධාරීන් එය වරකාපොළ නගරයේ දී නවත්වාගෙන ඇති අතර, එම අවස්ථාවේ දී එහි මගීන් 40 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇති බවයි වාර්තා වුණේ.

පසුව සිදුකළ පරීක්ෂා කිරීමේ දී බසය ධාවනය කළ රියදුරා බීමත්ව සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එහිදී බීමතින් රිය ධාවනය කිරීමේ වරද යටතේ අදාළ රියදුරු අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට පොලිසිය කටයුතු කර ඇති බව සඳහන්.

එම රියදුරුට බස් රථය ධාවනය කිරීමට භාර දුන් බස් රථයේ රාජකාරියේ නියුතු රියදුරා සම්බන්ධයෙන් ජා-ඇල ඩිපෝව මඟින් පරීක්ෂණක් පවත්වනු ලබනවා.

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06